IMG-LOGO

ඉන්දීයාවෙන් ණයට දෙන තෙල් බාගයකටත් වඩා අරන් අවසන්

(ඩයනා උදයංගනී)

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (8) පැවසීය.

එම ණය ආධාර යටතේ වසරක කාලයක් තුළ ඉන්ධන ලබාගැනීමට හැකි බවත්, එම ආධාර යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් සභාපතිවරයා කීවේය.

ඉන්දීය ණය ආධාර ක්‍රමයට අමතරව වෙනත් සැපයුම්කරුවන් සමඟ ද ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බව කී සභාපතිවරයා මෙම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසුව ද එම සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබාගත හැකි බව කීවේය.
සුමිත් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදීය.

අප්‍රේල් මාසයේ දී මෙරට පරිභෝජනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 2,10,000ක් අවශ්‍ය වේ යැයි අනුමාන කර ඉන්  මෙට්‍රික්  ටොන් 2,65,000ක් සහ පෙට්‍රල්  මෙට්‍රික් ටොන් 1,10,000ක් අවශ්‍යයැයි සිතා 1,54,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දැනට ගොඩබාමින් ඇති නෞකාවේ ඇති ඩීසල් ප්‍රමාණයට අමතරව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හා දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් අනුව මෙම මස 11, 12 දිනවල ඩීසල්  මෙට්‍රික් ටොන් 30,000, 14, 15 දිනවල  මෙට්‍රික්  ටොන් 40,000 ක් 21, 22 දිනවල  මෙට්‍රික් ටොන් 37,300ක් සහ 22,23 දිනවල තව  මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කටයුතු සලසා ඇති බවත්, සුපර් ඩීසල්  මෙට්‍රික් ටොන් 10,000ක් ද ඒ අතර වන බවත් හෙතෙම සඳහන් කලේය.

මේ හරහා ඇති ආරක්‍ෂිත ඩීසල් තොගය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පැවසීය.



අදහස් (2)

ඉන්දීයාවෙන් ණයට දෙන තෙල් බාගයකටත් වඩා අරන් අවසන්

chandima Saturday, 09 April 2022 01:09 AM

අංක නැතිව එන මෝටර් බයිසිකල් වලට ගහන්නේ ඒ තෙල් වෙන්න ඇති. ඒ දෙන ණයෙන් භාගයකට පොලිසියට ජීප් ගත්තා කියලත් කිව්වනේ... නේද?

:       0       3

sujeewaSunday, 10 April 2022 09:26 AM

හමුදාවට අපහාසකරලා හමුදාවයි මහජනතාවයි අතර විරසකයක් නිර්මාණය කරලා රට අස්ථාවර කරලා අපේ රට ඇතුලේ බෙදුම්වාදීන් රජකරවන්න උත්සාහ කරන NGO ආධාර ලබන්නකුගේ ලක්ෂණ චන්දිමගේ අදහස් වල ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1317 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site