(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.
ඉන්දියාවෙන් ගෙන එන ලද නව දුම්රිය බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම සඳහා අත්හදා බැලීමක් වෙනුවෙන් ඊයේ (19) යාපනය දක්වා නව දුම්රිය ධාවනය විය.
කෙසේ වෙතත් නව දුම්රිය ධාවනය අත්හදාබැලීම සාර්ථක බවත් ඉදිරියේදී මගී ජනතාව වෙනුවෙන් නවීන් පහසුකම් වලන් යුක්ත නව දුම්රිය එක් කිරීමට පියවර ගන්නා බවටද දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීහු වැඩි දුරටත් පැවසූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු දේවල් ගෙනල්ලනම් ගොඩයන්න වෙන්නේ නෑ. මාස 6ක් යනකොට ඕක කැබලි ද්‍රව්‍ය විදිහට අයින් කරන්න වෙන්නේ
උතුරු පළාතේ මේ වෙනකම් ධාවනය කල දුම්රිය ටික දකුණු පළාතට ධාවනය කරන්න. අපි හොදටම හිර වෙලා යන්නේ .
ලංකාවට ඔය වගේ පහසුකම් සහිත දුම්රිය වැඩක් නෑ. ඉස්සෙල්ලම ඕකේ කෑලි ගලවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අයමයි. ඊට පස්සේ මගී ජනතාව. රටට ආදරය කරන්නේ කටින් පමණයි.
අනේ අපිට සුඛෝපබෝගී නැතුවට කමක් නැහැ. උදේට වැඩට යන්න වේයන්ගොඩ, ගම්පහ, කළුතර වගේ තැන්වලින් නව දුම්රියක් උදේ 6. ට විතර දානවා නම් එ්ක ලොකු පිනක් මේ කන කට්ටේ හැටියට...
ඒ වුනාට ඉන්දියාවේ මූලික නගර පාවිච්චි කරන්නේ බ්රසීල්වල නිපදවන අලංකාර දුම්රියන්...
ඉන්දියන් ජරාව ගෙන්වන්නේ නැතුව කැනේඩියන් රීකන්ඩිෂන් කෝච්චි ගෙන්වන්න. ජාතික ධනය ඉතිරි කරගන්න පුළුවන්...
[ඉන්දියාවෙන් ගෙන එන ලද නව දුම්රිය බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම සඳහා...] සුදුසු නැත්නම් කෑලි ගලවලා, පෙට්ටිවල අසුරලා ආපසු ඉන්දියාවට යවන්නද සුදානම් වුනේ? මෙහේ අපි නම් කාර් එකක් ගන්න ඉස්සරවෙලා එ්ක පදවලා සුදුසු නම් විතරයි ඒක ඇනවුම් කරන්නේ. අපේ රටේ එකේ අනික් පැත්තද?
බදුල්ලේ සිට ධාවනය වන දුම්රිය මාර්ගයටත් එක්කරන්න. පරණ ඒවා තියෙන්නේ..
ලාභ බඩුවේ හිල්. ඉන්දියන් නිෂ්පාදන ප්‍රමිතිය හැමෝම දන්නවා. රුමේනියාවෙන් ගෙන්වපු කෝච්චි නිමවා කල්පැවැත්ම නම් ඉස්තරම්...
හොඳයි.. එතකොට කැළණිවැලි, නුවර අනෙකුත් පැරැණි දුම්රිය මාර්ගවල තත්වය කොහොමද? ඒවායේ වැසිකිළිවල තත්වයත් තාම එහෙම්මද?