(සුජිත් හේවාජුලිගේ )

ඔමික්‍රෝන් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් හා සැලකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ අනුව කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඔමික්‍රෝන් වයිරසය තදින්ම පැතිර යෑම නිසා ඉන්දියාවේ නවදිල්ලි නුවරට සහ මුම්බායි නුවරට එරට බලධාරීන් විසින් ඇඳිරි නීතිය පනවනු ලැබ ඇත .