ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.
මෙහි තෙල් ටැංකි 14 ක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට අදාළ මූලික ගිවිසුම 2003 වර්ෂයේදී අත්සන් කර ඇති අතර එම අත්සන් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇතත් මේ දක්වාම එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙය වලංගු නොවන ගිවිසුමක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
ඉන්දියානු තෙල් සමාගම මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත. මීට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 තවමත් පාවිච්චි කළ හැකි තත්ත්වයෙන් පවතින බව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවා සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. වලංගු නොවන ගිවිසුමක් පදනම් කර ගනිමින් ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් අති විශාල ලාභයක් උපයා ඇති බවද ඔහු කීය.
වලංගු නොවන ගිවිසුමක තවදුරටත් රැඳී නොසිටිය යුතු බවද කෝප් කමිටුව මගින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඉරිදා ලංකාදීප අනුග්රහයෙනි (011)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවත් එක්ක කරන ඔක්කොම ගණුදෙනු ඔයවගේ තමයි .සත පහකට වත් අනුන්ගැන් හිතන රටක් නෙමයි.(අ)
අගමැතිගෙ (ETCA) එට්කා ගිවිසුමත් මේ වගේ වෙයි. (අ)
නන්දලාල් 2003 තිබුනේ මහින්දගේ ආණ්ඩුවද. කව්ද වැඩකට නැති ගිවිසුම ගහල තියෙන්නේ. මෑත ඉතිහාසයේ තිබුණු ආණ්ඩුවත් දන්නේ නැත්ද? (අ)
කරුණු නොදැන මහින්දට දොස් කියන්න එපා (නි)
පැහැදිලි මදි. පැවරීමට ගිවිසුමක් අත්සන් කළා නම් ඒකෙන් පැවරෙනවා. බදු ගිවිසුමක් අත්සන් කිරීම හෝ නොකිරීම කලින් අත්සන් කළ ගිවිසුමේ වලංගුබවට බලපාන්නේ කොහොමද? (නි)
2003 කියන්නේ කාගේ ආණ්ඩුව වුණත් නමුත් ඊටපස්සේ තිබුන ආණ්ඩුව මේවා දැක්කේ නැද්ද? පෙන්නලා දෙන්නත් කෙනෙක් හිටියේ නැද්ද? ඒ කාලේ කෝප් එකේ හිටියේ අන්ධයෝ ගොළුවෝද? මේවා පෙනුනේ නැද්ද? දැන්වත් තේරුම්ගන්න ජේ. වී. පී. යට රට හදන්න පුළුවන් කියලා. (නි)
ඉන්දියාව වැනි රටක් අසළ අපට ජීවත්වීමට සිදුවීම අපේ පෙර අකුසලයක්. (නි)
රවී, ඔය කියන කෙනා ප්‍රංශයේ ඉන්න නිසා ලංකාවේ වෙන දේවල් වලින් දන්නේ මහින්දගේ මල්ලට දාන්න පුළුවන් මොන කුණු ගොඩද කියන එක විතරයි. දැන් ඒ ගිවිසුම ගහපු එක්කෙනත් සංහිඳියාව හොයන නිසා ඕකත් සංහිඳියා පදනමට දායි. ඉතින් මේ වගේ වැඩ කරන රටක් එක්ක සම්බන්ධ වෙනකොට හරි පරිස්සමෙන් තමයි කටයුතු කරන්න ඕනෑ. (නි)
ඔය ගනුදෙනුව වුණේ අවුරුදු 2 ක පාලනයක් කළ කාලයේදී නේද.ඒ වකවානුවේ කළ එකම දෙය පුළුවන් හැමදේම විකුණාගෙන කාපු එකයි. (නි)
2003 දී හිටියෙත් දැන් ඉන්න අයගෙන් සමහරුම නේද? (නි)
ඔබ හරියටම හරි රවී. නන්දලාල්-ප්‍රංශය, ප්‍රංශයට වෙලා හිටින නිසා ලංකාවේ දේශපාලනය ගැන නන් දොඩවනවා. රටේ දේශපාලය ගැන උඩින්පල්ලෙන් කියවන්න එපා. (නි)
බලන්න මෙච්චර හොරකමක්? මේ දේශපාලකයෝ කරන හොරකම් ප්‍රමාණය. ඉතින් මේ රටේ මිනිස්සු මෝඩයොද? නැත්නම් මේ වගේ අය පාර්ලිමේන්තු යවනවද? වෙලාවට ජවිපෙ මන්ත්‍රීන් සුළු පිරිසක් හරි යවන බුද්ධිමත් මිනිස්සු ටිකක් හිටියේ (නි)
නමුත් මෙම ඉන්දියානු තෙල් ටැංකි වලින් අාදායමක් කොහෙත්ම නැහැ කියන්න කෙනෙක් නැත. රහස මොකක්ද? (නි)
2002-2004 ආණ්ඩුව මහින්දගේ නොවෙයි. ඒ කාලේ හිටපු ඇමති, අගමැති සහ ජනාධිපතිගෙන් අහන්න මොකද කළේ කියලා. ඒ අයගේ වත්කම් වෙනස් වුණාද, කොහොමද වුණේ එහෙමත් හොයන්න. (නි)
2003 ගිවිසුම සළකා බලන්න දශකයකටත් වඩා කල් ගතවුණේ ඇයි? අපේ දේශප්‍රේමී අයියලට ඒවා පෙනුනේ නැත්තේ මොකද? කොහොමත් ගිවිසුමක් නැත්නම් ගිවිසුමක් ගහලා සල්ලි අය කරගන්න ඕනෑ. ඔය දේපළ නිකම් දිර දිරා තිබියයුතු නැහැ. (නි)
දැන් ඔය අයි.ඕ.සී. එකක් ඇයි අපේ රටේ තෙල් බෙදන්නේ. අපිට පුළුවන්නේ මේ පුංචි රටේ තෙල් ටික ඛනිජ තෙල් සංස්ථාවෙන්ම බෙදා හරින්න. නිකන් බොරුවට පිටරටවල් වලට සල්ලි දෙනවා. (නි)
රහස මොකක්ද? රහස කොමිස් ඇර වෙන මොකක්ද? (නි)
මෙම තෙල් ටැංකි වල ධාරිතාව අපේ රටේ තෙල් පරිභෝජනයට වැඩක් නැහැ. මෙම ටැංකි හැදුවේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ඉන්දියානු සාගර කලාපයේ අවශ්‍යතා සඳහා. එම ටැංකි ඉන්දියාවට දීමත් ඉන්දියාවට ලංකාව හතුරු නොවන බවට විශ්වාසය ඇතිකර කොටි සංවිධානයට ඇති සහය රජය පැත්තට හරවා ගැනීමට හේතුවක් වුණා. එසේ වුවත් ගෙවිය යුතු මුදල් ගෙවිය යුතුව තිබුණා. මෙහි අයිතිය ඛනිජ තෙල් සංස්ථාවට. එමනිසා තමන්ගේ වත්කමක් සඳහා අදාළ බදු අයකර නොගැනීම ඔවුන්ගේ වරදක්. (නි)
නන්දලාල් ද සිල්වා ,රට සුද්දාගෙන් නිදහස් කරගත්තට පස්සේ මහින්ද මහත්තය විතරමද රට පාලනය කලේ ? දන්න තරම තමා.(ම)
දැන් තෙල් ලාභ නිසා ගබඩා කර පසුව මිල වැඩිවූ පසු පාවිච්චියට හා නැවත විකිණීමට බැරිද ? (ම)
කෝප් කමිටුව සෑම රජයේ ආයතනයක්ක්ම පසුවිපරම් කරන්නේ නම රටට තවත් බොහෝ දේ අයිති කරගැනීමට හා නැති වී යන දේ රැකගත හැක . ජනතාව අවදියෙන් රටේ නායකයන්ගේ පරමාදර්ශී කම ගැන (ම)
මදැයි ලොකු අයියගේ හොරා කෑම .මෙච්චර ලොකු රටක් වෙලත් අපි ව හුරන් කන්න මෙයාලට ලැජ්ජාවක් නැතිද.අසූ ගණන් වල රට හැදීගෙන එද්දී කොටින්ට කිරි පොවලා අවුරුදු 30 ක යුද දෑවැද්දක් දුන්න.තව එඩ්කා එකත් ගහන්න තියෙන්නේ (අ)
රජයට නොගෙව්වට,අැමෙතියෙකුට ගෙවලා ඇති..තව හෙව්වොත් කව්ද කියල හොයා ගන්න පුළුවන් වේවි...(අ)
මහින්ද පාලන කාලයේදී බොහොම දේවල් අරලිය ගහ මන්දිරේ දන්සැල් දෙනවා වගේ බෙදා දීල තිබෙන බව හොඳින් පැහැදිලි වෙනවා.කෝප් කමිටුව වගේ වංචා හොයා බලන කමිටු වලට පින් සිද්ධ වෙන්න මේවා ටික ටික එලියට එනවා. නමුත් රජයේත්, නිලධාරී අකාර්යක්ෂම භාවය නිසාත් මේවායේ ප්‍රතිපල රජයට හෝ මහජනයාට ලැබෙන්නේ නැහැ ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් තිස්සේ ලබා ඇති අති විශාල ලාභය, මේ ඉන්දියානු හිගන්නන්ගෙන් ආපසු අය කරගන්නේ කොහොමද ?අපේ රට හුරා කන ඉන්දියානුවන්ට "දෙන්නම් කාසි " වලට අපේ රට සමග ගනු දෙනු කරන්න ඉඩ දෙන්න එපා. (අ)
වෙලාවට සල්ලි ගෙවල නැතිනම් ගිවිසුම අවලංගුයි. ලෝකය පිළිගත්ත පොදු ව්‍යාපාර නීතිය එ්කයිිි. (අ)
ඇයි මේක විතරක්? පාකිස්ථානෙට දුන්න ප්ලේන් තුනටත් තාම ගෙවලා නැහැ නේද? (නි)
එයාලත් එකයිමෙයාලත් එකයි.(අ)