
ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් මෙම ගින්නෙන් නව කොරෝනා වයිරස එන්නත් නිෂ්පාදනයට බාධාවක් සිදුව නැතැයි ද එම මාධ්‍ය කියයි.
සේරම් ආයතනය අනෙකුත් එන්නත්වලට අමතරව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ කොවිෂීල්ඩ් නව කොරෝනා වයිරස එන්නතේ මාත්‍රා මිලියන ගණනක් නිෂ්පාදනය කරයි.
බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ සේරම් එන්නත් නිෂ්පාදන ආයතනය පිහිටා තිබේ. එම ස්ථානයේ පිහිටි ගොඩනැගිලිවලින් දුම් වළා නැගෙන අයුරු ඉන්දීය රූපවාහිනි මාධ්‍ය වාර්තා කර තිබිණි. සේරම් ආයතන පරිශ්‍රයේ පිහිටි විශාලත ගොඩනැගිලි සංකීර්ණයේ ගින්න ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ.එෆ්.පී.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd