ඉන්දියාවේ, මුල්ලපෙරියර්වේල්ලට කිසිදු එල්.ටී.ටී.ඊ. තර්ජනයක් නොමැති බව තමිල්නාඩු රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේන බව ඉන්දීයාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර සිටී.
2014 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත රජය නිකුත් කර තිබු වාර්තාවක් උපුටා දක්වමින් මුල්ලපෙරියර් වේල්ල පුපුරුවාහැරීමේ ත්‍රස්ත තර්ජනයක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ පසුගිය සතියේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒ අනුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙරේදා (08) වාර්තාවක් ඉදිරිපත් කරමින් තමිල්නාඩු රජය ප්‍රකාශ කර ඇත්තේ වේල්ල පුපුරුවාහැරීමට එල්.ටි.ටි.ඊ. සංවිධානය සම්බන්ධ බවට ප්‍රාන්ත රජය ඉන්දීය බුද්ධි අංශ වෙත කිසිදු දැනුම්දීමක් සිදුනොකළ බවයි එම පුවත්සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දීය බුද්ධි අංශ අධිකරණයට එහිදි දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් ක්‍රියාත්මක වු එල්.ටි.ටි.ඊ. සංවිධානය ද එම ත්‍රස්ත කණ්ඩායම් අතර සිටින බවයි.
කෙසේවෙතත් මුල්ලපෙරියර්වේල්ලට තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය බව එහිදී තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ විතරක් නොවෙයි කොටි තර්ජන තිබුන කිසිම තැනකට දැන් තර්ජනයක් නැහැ මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න (නදී)