(යොහාන් භාසුර)

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් විය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය හෙට (29) පැවැත්වීමට නියමිතය.

දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 68 කින් ආසන්නතම ලෝක ශූරයන් වන එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත් විය. එම ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 16.4 කදී ලකුණු 103 කට සීමාවිය.