අග්නි-5 නැමැති අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය මීට සුළු වේලාවකට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ බව ඉන්දියාව කියයි. න්‍යෂ්ටික මිසයිලයක් වන එයට කිලෝ මීටර 5000 ක් දුරින් පිහිටි ඉලක්කයක් වෙත ගමන් කළ හැකිය.  මීටර් 17 ක් දිගැති ටොන් 50 ක් බරැති මිසයිලයේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 1.5 ක් ගෙනයා හැකියි. ඔරිස්සා ප්‍රාන්තයේ වීලර් දූපතේ සිට මිසයිලය යවන ලදී.