IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්දියාව මෙරට තත්ත්වය ගැන කණස්සල්ලෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි.  

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ  පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කිසිම විටකත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනට යාමටත් එතැන් සිට සිංගප්පූරුවට යාමටත් ඉන්දියාව පහසුකම් ලබා නොදුන් බව ආචාර්ය ජයිශංකර් මහතා එහිදී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වැනි අර්බුදයක් ඉන්දියාවේ ඇති වීමට ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා  බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට කෙසේ බලපෑමක් එල්ල වේ දැයි ඉන්දියාව කණසල්ලෙන් පසුවන බව ආචාර්ය එස්.ජයිශංකර් මහතා පැවසුවේය.

ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව අනෙක් කිසිම රටකටත් වඩා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතැයි ආචාර්ය එස්.ජයිශංකර් මහතා වැඩි දුරටත් පැවසුවේය.

නොමග යවන සුළු සැසඳීම් උපුටා දක්වමින් ඇතැම් පුද්ගලයන් ඉන්දියාවේත් එවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට අවස්ථාව තිබේ දැයි ප්‍රශ්න නගන බව එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය,ආම් ආද්මි පක්ෂය,ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය,නැෂනල් කොන්ෆරන්ස් පක්ෂය,තිලඟන රාෂ්ට්‍ර සමිති,බහුජන සමාජ පක්ෂය,වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය, එම්.ඩී.එම්.කේ පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.

 



අදහස් (2)

ඉන්දියාව මෙරට තත්ත්වය ගැන කණස්සල්ලෙන්

nirmal Wednesday, 20 July 2022 03:52 PM

ආයෙත් වැඩ පටන් අරන්. අපිත් කනස්සල්ලෙන්...

:       51       12

සනුක Thursday, 21 July 2022 09:02 AM

ඉන්දියාවේ භාණ්ඩාගාරය පෝසත්.... මහජනයා දුප්පත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site