IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.

පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.


055



අදහස් (9)

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

Bamunuarachchi Thursday, 26 March 2020 03:48 PM

අපේ රටටත් මෙ ටිකම අවශ්‍යයි. මොදිට කව්රුත් හිට්ලර් කියන්නේ නැහැ නේද? කෝ ඉන්දියාවේ විරුද්ද පක්ෂය කට අරිනවාද?

:       206       423

kumar (Gulf) Thursday, 26 March 2020 03:49 PM

ඉන්දියාවේ හොරා පොලිස් !!!

:       27       39

Kasun Thursday, 26 March 2020 04:01 PM

ගහන හැටි දැක්කම හිනා යනවා. මෙහෙ ඇදිරි නීති කඩන අයටත් ඔය ප‍්‍රතිකාරයම දුන්නොත් නරකද?

:       12       178

Bamunuarachchi Thursday, 26 March 2020 04:13 PM

ලංකාවට නරකද? ඉන්දියාවේ මෙන් රාලහමිලාගේ පිස්තෝලයට අමතරව මීටර් එකහා මාරක අඟලක් මහත වේවැලක් දෙන්න.

:       401       248

කමනි - පදියතලාව Thursday, 26 March 2020 08:56 PM

ඔව් අපේ රටෙත් මේ වගේ ලොකු පොල්ලක් දෙන්න ඕනා පොලිසියට. ඔය උද්ගෝෂණ කරන කට්ටියට තඩිබාන්න. ඒ වගේම ස්ත්‍රීන්ට අවසර දෙන්න ඕන ගෙදර මනුස්සයාගේ තාඩන පීඩන වලදී තඩි පොල්ලකින් පහර දෙන්නකියලා. මේවා ආත්ම ආරක්ෂක ක්‍රම...

:       0       49

BamunuarachchiSaturday, 28 March 2020 04:21 AM

තඩි බාන්න අමුතුවෙන් අවසර ඕනේ නැහැ. පුළුවන්කමක් තිබෙනවානම් තඩිබාලා බලන්න. හැබැයි ඉතින් බලාගෙනයි මේ දවස්වල දොස්තරලත් නැහැ ඔහෙලහේ මුණු වලට බෙහෙත් කොරන්න.

:       0       0

සමන්ත Thursday, 26 March 2020 04:58 PM

ලංකාවේ කරන්න ගියොත් නගෝ නඩ මානව හිමිකම් ගැන කතාකරයි. දැක්කානේ හමුදාව නිරෝධන කටයුතු වලට හවුල් වෙනවා කියලා ජීනිවා වලට පැමිණිලි කරන්න බලාගෙන හිටිය කට්ටිය..

:       6       374

banda Thursday, 26 March 2020 07:05 PM

ලංකාවෙත් නරකද හිරේට දාන වෙලේ, පොලු පාර දෙන එක.

:       0       0

banda Thursday, 26 March 2020 10:12 PM

ලංකාවේ මේක පටන්ගන්න තිබුනේ ඉතාලියෙන් ආපු සෙට් එකට ගුවන් තොටුපලේදීම අල්ලාගත්තනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13682 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site