ඉන්දියාවේ රුපියල් දහසේ සහ පන්සියයේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නිසා මේදිනවල එරට සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීකයන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
විවිධ අවශ්‍යතා සඳහා එරටට ගොස් දිල්ලි නුවර රැඳී සිටින ලාංකික සංචාරකයින් 500 කට ආසන්න පිරිසක් එරට ඇතිවී තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන්ම මුදල් නෝට්ටු අවලංගු කිරීම නිවේදනය නිකුත් කරන අවස්ථාවේ ඉන්දියාවට පැමිණ සිටි විදේශිකයින් වෙනුවෙන් කිසිදු විශේෂ පහසුකමක් ඉන්දීය රජය විසින් සම්පාදනය නොකිරීම හේතුවෙන් මෙම ගැටළු මතුව ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ. ඔහොම දේවල් මෙහෙම එකපාරටම කරනවද (නි)
කියා කියා කරන්න බැහැනේ ඔහොම තීරණ. සංචාරකයන්ට සල්ලි මාරුකර ගන්න ක්‍රමයක් හදිසි ක්‍රමයක් ලබාදුන්නොත් හොඳයි තමයි. නමුත් රජය හොඳ අමාරු තීරණයක් අරන් තියෙන්නේ. කළු කඩකාරයෝ තමයි ප්‍රශ්න ඇති කරන්නේ (නි)
මේ වගේ පිරිසක් සමඟද අගමැතිතුමා ගිවිසුම් ගහන්න යන්නේ (නි)