දැනට අත්අඩංගුවේ තිබෙන ඉන්දියාවේ කිසිදු ධීවර යාත්‍රාවක් හෝ ධීවර ආම්පන්න කිසිවක් හෝ නිදහස් නොකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) පැවැසීය.
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දියා බෝට්ටු අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේදී දිගින් දිගටම පියවර ගැනීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව සියයට පනහකින් අඩු වී ඇතැයි අමරවීර මහතා කීවේය.
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් අද (29) සහ හෙට (30) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව කොළඹදී දෙරට පවතින ධීවර අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට නියමිතය.
දෙවැනිදා පැවැත්වෙන සාකච්ඡාවට ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු අමාත්‍ය රාධා මොහාන් සිං, මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු යන ධීවරයන් දෙගොල්ලන්ටම ප්‍රයෝජනයක් වෙනවා නන්දලාල් මහතා කියන විදියේ බෝයා ඉදිකිරීමෙන්. ඉතා කුඩා මුහුදු තීරයක මායිම් හඳුනා ගැනීම අපහසු කාරණයක් බව දන්නේ මුහුදු යන ධීවරයන් පමණයි. (නි)
ජයලලිතා නැති හින්දද මේ ඇමතිතුමා චණ්ඩියා වෙලා තියෙන්නෙ. (නි)
මෙම ප්‍රශ්නය විසඳීම ඉතාම සරලය. මුහුදු සිමාවේ ස්ථිර බෝයාවල් යොදන්න. බෝයා දෙපැත්තට මීටර් 500 බැඟින් ධිවර කටයුතු තහනම් ප්‍රදේශයක් කරන්න. දෙපැත්තේම කට්ටියට තමන්ගේ පැත්තේ මාලු අල්ලන්න කියන්න. මේ සාකච්චා වලට සහභාගිවීමට ගුවන් ප්‍රවේශපත්‍ර වලට, හෝටල් වලට වියදම් කරන සල්ලි මෙම බෝයා ව්‍යාපෘතියට යොදවා ප්‍රශ්නය ඉවරයක් කරන්න (නි)
බෝට්ටු ටික ඇමතිටත් හොරෙන් නිදහස් වෙලා ඉන්දියාවට යයි. එහෙම නොවුණොත් ඉතින් පුදුම හතෙන් එකක් වෙයි (නි)
ශ්‍රී ලංකා මුහුදු තීරය අයත් වන්නේ ඔවුන්ට නොවන බව, පැහැදිලිවම මේ අයට කියාදෙන්න! අපේ රජය තදින් හිටියොත් මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීමට පුළුවන්. (නි)
අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)
දෙවෙනිදා පවත්වන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට ඔය කියන බෝට්ටු නිදහස් නොකළොත් පුදුමයි අපිට (නි)
ඔන්න කළොත් වැඩක්! (නි)