කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාජකාරියේ නිරත ආගමන හා විගමන නිලධාරියකුගේ ජංගම දුරකතන දෙකක් සොරා ගත් බව කියන ඉන්දියානු ජාතිකයන් තිදෙනකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ ආගමන හා විගමන බලධාරීහූ අද (26) පියවර ගත්හ.
සිකුරාදා (25) රාත්‍රියේ දී ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නිතර ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් බව කියැවේ.
ඔවුන් එම සොරකම කිරිමෙන් පසු වහාම රේගු පර්යන්තයට ගොස් ඇත.පසුව මේ පිළිබඳව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු CCTV කැමරා පද්ධතිය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉන්දියානු ජාතිකයන් දුරකතන සොරාගන්නා ආකාරය අනාවරණය කරගෙන තිබේ.
පසුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පසු රේගුවේ භාණ්ඩ නිෂ්කාශනය කරමින් සිටි ඔවුන්ව හඳුනා ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතනද සොයා ගෙන ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් අදාළ ඉන්දියානු ජාතිකයින් තිදෙනා රඳවා තබාගෙන ආගමන හා විගමන නිලධාරින්ට භාර දී ඇති අතර ඔවුන් අසාදු ලේඛන ගත කර වහාම මෙරටින් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ විනිමය ගෙනාපු තමිල්නාඩු සංචාරක සාත්තර කාරයෝ තුන් දෙනෙක්. අපරාදේ ආපහු පැටෙව්වේ...
ජංගම දුරකථන දෙකක් තබාගන්න තරම් ආගමන නිලධාරීන් පොහොසත්. කවුද අප්පා ලංකාව දුප්පත් රටක් කියන්නේ..?
රටට ඇතුළු වෙනකොට ම මෙහෙම හොරකම් කරනවා නම් ඒ මගින් රටට ඇතුළු වුණාම මොනවා කරන්න ඉඩ තිබ්බද? කරපු වැඩේ හොඳයි..
ඔය නිලධාරීන් සීසීටීවී කැමරා සවිකරනවාට විරුද්ධව වැඩ වර්ජනය කළා. ඇයි කාට හොරකම් කරන්න උදව් වෙන්නද දන්නේ නෑ.
තමන්ගේ රාජකාරි මේසේ පුද්ගලික ජංගම දුරකථන දෙකක්ම තියාගෙන ඉන්නේ හරියට රාජකාරි කරන නිලධාරියෙක් වෙන්න ඇති.
අපේ දෙයක් එහෙම නැති වුණානම් මේ ඉක්මණට ... සොරිම තමයි මීට වසර 10 කට පෙර මගේ යාළුවගේ වටිනා නිකොන් කැමරාවක් නැති වුණා. අපේ එයා පොර්ට් එකේ ඔය ලොක්කලා මොනවද කීවේ? ...ඔයාලගේ බදු ඔයාලම පරෙස්සම් කර ගනිල්ලා කියා ..අපේ සිංහල භාෂාවේ ලස්සන වචන ටිකකින් අපි එයාලව සංග්‍රහ කරලා අපි එළියට ආවා..
මගේ යුක්රේන යාළුවෙක් මාස දෙකකට ඉස්සෙල්ලා ලංකාවට ආවා. එයා ආගමන විගමන වීසා කවුන්ටර් එකේදි එයාගේ ලක්ෂ එකහමාරක් විතර වටින අලුත්ම ටැබ් එක අමතක වෙලා ඇවිත් තිබුණා. ඒක ගැන එයාට කිසිම මතකයක් තිබ්බෙ නෑ. කොහෙද අමතක වුණේ කියලා. කොහොම හරි එයා නවතින්න ආව කොග්ගල හොටලේට කෝල් එකක් ඇවිත් තිබ්බ ආගමන විගමන නිලධාරියෙක් ගෙන්, ටැබ් එක හම්බවුනා ඒක ගුවන්තොටුපල රේගුවට බාර දුන්නා. වැඩි විස්තර දැන ගන්න ඒ නිලධාරියාගේ දුරකථන අංකයත් දීලා තිබ්බා ඒ හෝටලේට. කොහොමහරි දවස් දෙකක් ගිහිල්ලා යුක්රේන ජාතික මිත්‍රයාට ගුවන්තොටුපළ රේගුවෙන් ඒ වටිනා ටැබ් එක ගන්න පුලුවන් වුනා. ඒ අවස්ථාවේදීත් ඒක රේගුවෙන් නිදහස් කරන්න ඒ නිලධාරියා උදව් කරල තියනවා. ඇත්තටම රාජ්‍ය සේවයට වගේම රටට වටිනා නිලධාරින් තවමත් ඉන්න එක ගැන සතුටුයි.
හුසේන් රියාද් තවමත් ආදී වාසියෙක් වගේ