ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය නිමා වීමට ඕවර කිහිපයක් තිබියදී නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් තරගය අතර මග නතර කිරීමට සිදුවිය. පසුව කැරළි මර්ධන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව ආරම්භ කළ තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූයේය.
ඉන්දීය පිල ලකුණු 218 ක ඉලක්කයක් හඹා යද්දී තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී නරඹන්නන්ගේ බාධා කිරීම නිසා තරගය අතරමග නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 කට ලකුණු 210 ක් ලබා සිටියේය. විනාඩි 20 ක පමණ කාලයක් විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටියත් තත්ත්වය පාලනය නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 පන්දු හතකදී ලබාගත් ඉන්දියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියත් ජයගැනීමට ඉන්දීය පිල සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සු.
1978 ලංකා කණ්ඩායම මිට වඩා හොදයි !
දිනුම පැරදුම කාටත් පොදු තමා. නමුත් මෙ විදියට එකදිගටම පැරදෙන කොට නරබන්නම් ආවේග වෙනබව සධාරනනේ. කවුද මේකට වගකියන්න ඕනේ, මේකට සම්බන්ද සියලු දෙනාවම වගකියන්න ඕනේ ක්‍රීඩකයන් සමග. අපි ලෝක කුසලානය දිනාගත්ත රටක්!
අපි අසරණවෙලා වගෙයි. දෙවියනේ ඔබ කොහිද?
අපි ඉන්දියන් කාරයෝ තරම්ම පහලට වැටුන එක ගැනනම් දුකයි. ඒකට කැපවීමක් නැති ක්‍රීඩකයෝ ඉඳන් නිකන් ඉඳන් පින් පඩි ගන්න පාලකයෝ දක්වා ඔක්කොම අය වගකියන්න ඕනා. ක්‍රිකට් සල්ලි වලට යටවෙලා බවයි පෙනෙන්නේ. මෙගොලොන්ට දින්නත් පැරදුනත් ගානක් නැති හැඩයි. මේගොල්ලන් අපේ රටේ ක්‍රිකට් ගෙනෙන්න පුළුවන් පහලම තැනට අරගෙන ඇවිත් තියෙන්නේ. මේකේ වෙනසක් වෙන පාටක් නැහැ. ඒනිසා අපි මේවගේ වැඩ කරලා අපේ රට පහලට නොදා සල්ලි දීලා පිටියට ගිහින් තරග බලන එක නැවත්තුවනම් හරි. හිස් පිටියක සෙල්ලම් කරද්දී හැමෝටම තේරෙයි තමන් රට නියෝජනය කරන්න තරම් දක්ෂයෙක්ද කියන වග. පාලකයෝන්ටත් තේරෙයි ක්‍රිකට් පිටියට මිනිස්සු ගෙන්න ගන්න බැරි අපි මොක්කුද කියලා. එතකොටවත් ලැජ්ජාව තියෙන අය හැදෙයි.
අපි අසරණවෙලා වගෙයි. දෙවියනේ ඔබ කොහිද?
අපේ ක්‍රිකට් වලට මේ මොකද උනේ.
නරකයි
ඉන්දියාව හා පකිස්තානයේ වාර්තාව සම කිරීම සතුටට කරුණක්.
ඔන්න යහපාලනය දෝරගලා යනවා.
ජය පරාජය බාරගන්න විඳගන්න බැරි, ප්රතිවාධී පිලට අත්පොඩියක් ගහන්න බැරි, ආත්ත්මාර්ථකාමී පටු අදහස් ඇති දුෂ්ට ක්‍රීඩා ලෝලයින්න් ඉන්නා රටක් ලංකාව.
ලංකාවේ ක්‍රීඩා ලෝලින් දිනුමේදීත් පරාජයදීත් ඉතා නිහතමානීව පිලිගත් පිරිසක්. එම වතාවරණය බලදාරින් විසින් නැතිකරදමා තිබේ. අපිට ඉන්දියාවක් වීමේ අවශ්‍යතාවයක් නැත. පාලකයෝ අපව එම ස්ථානයට ගෙන ඇත. යහපාලනයේ අරුත කුමක්ද?
මෙතුවක් කල් අපේ ප්‍රේක්ෂකයෝ මේ විදිහට රටේ නම කැත කලේ නෑ. ඔන්න අපිවත් ඉන්දියාව පාකිස්තානේ නරඹන්නන් ගානට අදාල දැම්ම කට්ටියක් එකතුවෙලා.
ඔහොමත් පරදිනවද ලැජ්ජාවේ බෑ .
ඕක තමා අපේ පුරාණ, දූරදක්සි හාමුදුරුවන් කීවේ මිනිසා හදා රට හදමු කියා.
ඉන්දියාව ඔවුන්ගේ ක්‍රීඩකයින් සහ නරඹන්නන් ගේ විනය ඉහලට ගෙනෙන අතර අප, සියළු අංශ වලින් පහලට ගොස් සිටිමු. 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ සිදුවූ දෙය ලාංකික නරඹන්නන්ගෙන් කිසිවිටෙක බලාපොරොත්තු නොවුනෙමි. මෙම හැසිරීමට ක්‍රිකට් පමණක් බලපා නොමැති බව පෙනෙයි. සමාජ/ආර්ථික කඩා වැටීම, නොපනත් කලා/මාධ්‍ය භාවිතය,මත්ද්‍රව්‍ය සියල්ල බලපාන්නට ඇත. අද ලාංකිකයාගෙ ඉවසීමේ ගුණය ඉතාමත් පහල අගයක පවතී. පරාජය, දුක, අසහනය, අසාධාරණය විඳ දරාගැනීමට මිනිසුන් වශයෙන් සියළු දෙන පුරුදු පුහුණු විය යුතුය. ලංකාවේ දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා "එහෙයි" කියා පිළිගන්නා ජතාවගෙ මෙම හැසිරීම සැබැවින්ම ජුගුප්සාජනකය.
අල්ලලා සේරම ප්‍රජා සේවයට දවස් දෙකක් විතර දැම්ම නම් හරි.
කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. සැහෙන දුකක්.. රටේ අභාග්‍යය.
ක්‍රිකට් තරඟ පැරදුනාට ඉස්සර අපි මෙහෙම හැසිරුනේ නැත. අපට උඩ බලාගෙන සිටිය නොහැක , " අපේ ක්‍රිකට් අපිට දියවූ " අපිට ඕනේ 96 ක්‍රිකට්
ඉතින් හරි නේ, අපිත් ඉන්දියාවේ කෑල්ලක්නේ. අපිත් පරදිනකොට හැසිරීම එහෙම තමා. හෙට අනිද්දා අපිත් ගිනි තියා ගන්නවා .
ශ්‍රී ලංකාවේ ක්‍රිකට්ලෝලීන් කවදාවත් මේ විදිහට හැසිරුනේ නැහැ. මේ තත්වයට වග කියන්න ඕනේ පවතින ක්‍රිකට් පාලන මණ්ඩලය සහ දේසපාලන බලපෑම්. මිනිස්සුන්ගේ ඉවසිමේ සිමාව ඉක්මවා ගිහින්. හරිම දුක හිතෙනවා අපේ ක්‍රිකට් මේ විදිහට විනාශ වෙන එකට.
මැච් පැරදුනාට ඉන්දියාවේ අය වගේ හැසිරෙන්න එපා.
ඕන ගොනෙකුට තේරෙන තේරිම් කමුටිවේ මෝඩ තීරන. චන්දිමාල් වැනි දිගින් දිගටම අසාර්ථක ක්‍රිඩකයෙක් දික්වැල්ල සමග ආරම්භයට එවීම. කලින් තරගයේ පැහැදිලිවම පෙනුන අකිලට සහයක් දිය හැකි දඟ පන්දුයවන්නෙක් කණ්ඩායමට එක් නොකිරීම. තඩි බඩක් සමග දිගටම අසාර්ථක, කණ්ඩායම් හැඟිමක් නැති මාලිංගට දිගටම අවස්තා ලබාදීම. මෙලො රහක් නැති බව තරඟ 15කදි පෙන්වා ඇති දුශ්මන්ත කන්ඩායමට ඇතුලත් කිරීම. සිරිවර්ධනට වඩා හැකියාවක් පෙන්වා ඇති වමත් තුන් රියව් ක්‍රිඩකයන් සිටියදි (සචිත් පතිරන ) අවස්ථාව ලබා දීම.
අපේ කට්ටියට සෙල්ෆි ගහන්න පුළුවන් හැබැයි ලකුණු ගහන්න බැහැ. ගැහුවත් එකයි දෙකයි. ටීම් එකෙන් අයින්වෙන්නෙත් නැහැ. ලංකාවේ ක්‍රිකට් වලට අබ සරණයි.
ඉන්දියාවේ එහෙම කළා කියල අපිත් එහෙම කරන්න ඕනද, මේ සුළු පිරිසක් කරපු වැඩෙන් රටට අපකීර්තියක් වුණා. මේ අයට නම් පිස්සු.
ජය පරාජය විඳ ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට හැකිවිය යුතුයි. උපරිම දඩුවම් දිය යුතුයි.
මේවා මේ කවුරුහරි දේශපාලකයෙක් හෝ දේශපාලකයන් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන දෙයක් ලෙස මට හැඟෙනවා. මොකද අපේ ප්‍රේක්ෂකයන් කවදාවත් මෙහෙම හැසිරිලා නැහැ
අය්යෝ ඕක මොකද්ද ? 1984දි අස්ගිරියේ ඔය දේම සිද්ද වුණා.. දුලිප් මෙන්ඩිස් ට එදා යන්න වුනේ විශේෂ පොලිස් ආරක්ෂාව සහිතව .. නුවර කට්ටිය ගැන මට දුකයි .. මම ඉපදුනෙත් නුවර .. කැමතිම නගරයත් නුවර ප්‍රියතම රග්බි කණ්ඩායමත් නුවර. එත් මේ වෙන දේවල් නම් අසික්කිතයි
මිනිස්සු හැසිරුණු විදිය අනුමත කරන්න අමාරුයි නමුත් මිනිස්සුන්ගේ කේන්තිය සාදාරනයි. ක්‍රිකට් වලට මාසයකට කෝටි කීයක්නම් වියදම් කරනවාද පුහුණුකරුවන්ට ලක්ෂ ගණන් ගෙවනවා ක්‍රීඩකයන්ට ලක්ෂ ගණන් ගෙවනවා මේවා ජාතික අපරාද. මේ විදියට හැමදාම පරදවෙන්නනම් මොකටද ඔය තරමටම කෝටි ගණන් වියදම් කරන්නේ මෙහෙම පරදින්න මොකටද පුහුණු කරුවෝ මොකටද ක්‍රිකට් පාලක මණ්ඩල මොකටද අතුරු කමිටු පාසල් කණ්ඩායමක් යැවුවනම් මීට වඩා හොදට සෙල්ලම් කරාවි. අපේ ගමේ වෙලේ බෝල ගහන කොල්ලෝ ටික යැවුවනම් මීට වඩා හොදට සෙල්ලම් කරාවි මෙච්චර මහජන මුදල් වියදම් වෙන්නේ නැහැ. කොහොම උනත් අපේ රටට ක්‍රිකට් කියන්නේ මුදල් කාල දාන කොඩිවිනයක්. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මෙහෙම ක්‍රිකට් වලට වියදම් කරන කෝටි ගණන් මුදල් රටේ වෙනත් සංවර්දන වැඩකට යොදවන්න කියලා මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොටවත් පාලකයින්ගේ ඇස් ඇරේවි.
ලංකාවේ ක්‍රීඩාලෝලීන් කවදාවත් ඉන්දියානුවන් වගේ බාල විදිහට හැසිරුනේ නැහැ. එනමුත්, ලංකාවේ ක්‍රිකට් මෙතරම් පිරිහෙද්දී, කාටවත් දරාගන්න බැහැ. මේ තත්වයට ක්‍රීඩකයින් වගේම ඇමතිවරයා ඇතුළුව සම්පුර්ණ නිලධාරී රොත්තම වගකිව යුතුයි. රටේ සමස්ත ජනතාවටම සතුටක් උද්දාමයක් ලබාදෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීම පිළිබඳව රටේ ජනපතිවරයා වහාම මැදිහත්වී අවශ්‍ය යෙදිය යුතුයි. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩකයින්ව මානසිකව වට්ටනවා මිසක, අවශ්‍ය ලෙස දිරිමත් කිරීමක් අපි දැක්කේ නැහැ.
තරග පරාජය අවමානයක් නොවේ . එහෙත් ලාංකිකයන්ගේ අශිෂ්ට හැසිරීම ලංකාවට බරපතල අවමානයක්. ඔවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතය.
ඇත්තටම මේ සිදුවීම ගැන ක්‍රිකට වලට ආදරේ කරන මිනිස්සු විදියට හරිම දුකයි. අපේ මිනිස්සුත් දිනුම පරාජය දරාගන්න බැරි ඉන්දියන් මිනිස්සුන්ගේ තත්වයටම වැටුනනේ
දැන් අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා තිබෙනකොට මොකක්ද මේකේ තියෙන විශේෂත්වය.
එහෙනම් අපේ එවුනුත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් ගේ තත්වයට වැටුනා.
අපේ කණ්ඩායම එකට තව ටික කාලයක් දෙන්න ඕනි. අපේ අය ඇත්තටම දක්ෂයි. මේවගේ ගොන් මීහරක් නරබන්නෝ නිසා අපේ අයට දිනන එක තවත් අමාරු වෙනවා. මේවගේ නරබන්නන් පිලිබදව දැඩි නීති ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.
මේ ක්‍රීඩාවෙන් රටට යහපතක් නොවන නිසා රටෙන් ක්‍රිකට් තුරන් කරමු පකිස්තානයේ මෙන්.
අනේ මන්ද මටනම් පුදුමේ නවක සුපිරි පන්දු යවන්නෝ කියලා කණ්ඩායමට ඇතුලත් කලත් ඔවුන්ට සුදුසු තැනට මොලේ පාවිච්චි කරන්න හැකියාවක් නොමැතිවීමයි. ලයින් එකට බෝල් කරන්න බැරි පාස් බෝලර්සලා මොකටද?? දෝනි ,ශර්මා වගේ ඉතා පළපුරුදු ප්‍රබල පිතිකරුවන්ට ෂොට් පිච් බෝල් දානවා ,එතකොට බොලේ නතර වෙන්න 4 සීමාවට එහායින් විතරයි. අර අකිල මොනතරම් හොදට පන්දු යැව්වද එහෙත් වේගපන්දු යවන්නෝ කලේ තරගය දියාරු කරපු එක විතරයි, විශේෂයෙන් දෙවැනි එක්දින තරගය ගැන හිතන්න.. අන්න ඒ දේවල් දරාගන්න බැරිකමටයි නරඹන්නන් කුපිත වන්නේ. එහෙත් බෝතල් විසිකරලා පහත් විදිහට හැසිරීම සම්පුර්නයෙන්ම වැරදියි. ජය-පරාජය විඳ ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට හැකිවිය යුතුයි.
පරදිනවා බලන්න බැරී ගොන්නු මැච් බලන්න නොගිහින් හිටියම රටේ නමවත් ඉතුරු වෙනවා
ස්ථාවර කණ්ඩායමක් හදනවා වෙනුවට අත්හදා බැලීම් දැන් අවරුදු කීයක් තිස්සේ කරනවද?, යන්තම් ක්ලබ් මැච් එකක ලකුණු ටිකක් හරි, විකට් ටිකක් ගත්තොත් හරි කෙලින්ම ජාතික කණ්ඩායමට දාල එක මැච් එකක් ෆේල් වුණොත් උස්සලා පොළොවේ ගහනවා වගේ එළියෙන් තියපු කීදෙනෙක් ඉන්නවද? පීදෙන්න ඉස්සල්ලා පුප්පන්න ගිය මල් වගේ අද ඒ අයත් අනාථයි ලංකාවේ ක්‍රිකටුත් අනාතයි. ප්‍රේක්ෂකයෝ අන්ත අසරණයි. දින්නත්, පැරදුණත් ගතමනාව හම්බවෙන නිසා පාලක මණ්ඩලේත් ගොඩ, තේරීම් කමිටුවත් ගොඩ...
සුද්දන්ගේ ලණුවක් වුණ ක්‍රිකට් වලින් දැන්වත් මිදෙමු. දරුවන්ගේ මනස, කය, කණ්ඩායම් හැගීම වර්ධනය වන පාපන්දු, වොලිබෝල් වගේ ක්‍රීඩාවලට යොමු කරන්න ඕනේ. ක්‍රිකට් මේනියාව තියන හැම රටක්ම අන්ත දුප්පත් තමයි.
රාජපක්ෂලා ක්‍රිකට් කාලෙ ගියේ, එකම ෆයිනල් එකක්වත් රාජපක්ෂ කාලේ දින්නද? යහපාලන රජය ක්‍රිකට් දියුණු කරමින් යන ගමනට සහය දෙන්න.
ඇමැති මණ්ඩලයේ ඉන්නවා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ 225න් 11ක් දාන්න බැරිද?
අර්ජුන වටිනා ජාතික සම්පතකි. මණ්ඩලේ ප්‍රධානියාට සුදුසුයි.
අර්ජුන මහතා සුදුසයි මේකට.