කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට පුද්ගලයෝ 19 දෙනෙක් මරණයට පත්වී සිටිති.
වෛරසය ආසාදනය වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 873 කි.
වයිරසය ආසාධනය වූ පසු ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව 79 කි.
මේ අතරින් වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිත රෝගීන් 180 දෙනෙකු වාර්තා වී තිබේ.
ආසාදිත රෝගීන් 173 ක් වශයෙන් දෙවැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන නමුත් එම ප්‍රාන්තයෙන් කිසිදු මරණයක් වාර්තා නොවේ.
රෝගීන් පනස්පස් දෙනෙකු ලෙස තුන්වැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙකකි.
මීට අමතරව මරණ 3 ක් ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ආසාදිත රෝගීන් තිස්දෙනෙකු වාර්තා වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මරණයට පත්වී තිබේ.
දිල්ලි, තමිල්නාඩු, පන්ජාබ්, බටහිර බෙංගාල, බිහාර් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් හා ජම්මු හා කාෂ්මිර් ප්‍රදේශයෙන් එක් රෝගියා බැගින් මරණයට පත්වී ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd