(වයෝනිව්ස් ඇසුරිනි - 055)
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කරන ලද යුද්ධයේදී ඉල්ලීමක් නොකරම ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කළ බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
“ඉන්දියාව අපට යුද්ධයේදී උපකාර කළා. අපිට ඔවුන්ගෙන් උදවු ඉල්ලන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මම කළේ ඔබේ යුද්ධයක්. ඉන්දියාවේ යුද්ධයක්. ඇත්තටම එය මගේ යුද්ධයක් නෙමෙයි”
ඉන්දියාවේ වයෝනිව්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“එල්.ටී.ටී.ඊ ය ඔබේ අගමැති රජිව් ගාන්ධි මහතා ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ ය ඔබේ රටේ බොහෝ දෙනෙක් ඝාතනය කළා. ඒ නිසා එය මගේ යුද්ධයක් විතරක් නෙමෙයි. එය ඉන්දියාවේත් යුද්ධයක්. එය මානුෂීය යුද්ධයක්.චීනය සහ පාකිස්තානය විතරක් නෙමෙයි අපට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාවත් උදවු කළා” යැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ බුද්ධි අංශය වන රෝ ආයතනය ශ්‍රී ලංකාවේ ඉකුත් ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදිනිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අතර අතීතය හාර ඇවිස්සිය නැති බව ඔහු එහිදි පැවසීය.
“මම ඔබේ අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි මහතාගේ මිත්‍රයෙක් යැයි සලකනවා. ඔහු ඔබේ රටට කර තිබෙන මම අගයනවා. ඔහු රට වෙනුවෙන් විශාල මෙහෙයක් කර තිබෙනවා. ඔහුට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම ඉතා විශිෂ්ටයි. ඔහු ඉන්දීය ඩයස්පෝරාවේ සහයෝගය ගන්න ආකාරය ජාත්‍යන්තර සමඟ කටයුතු කරන ආකාරය ඉතා ප්‍රශංසනීයයි. එය ඇගයිය යුතුයි. මට ඩයස්පෝරාවේ සහාය ගන්න බැරි වුණා. මම ඔහුගේ දේශප්‍රේමීත්වය, ජාත්‍යාලය අගයනවා. ඒ වගේම ඔහු ඉන්දීයාව නවීකරණය කිරීමේදී විශාල කාර්යභාරයක් කරනවා. අපි ඔහු අගය කරනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ” යැයි රාජපක්ෂ මහතා කීවේය.
ඉකුත් ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්ගේ මෙහෙයවීම යටතේ රෝ බුද්ධි අංශය තමා පරාජය කිරීමට කටයුතු කළ බවට හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් පසුව ඉන්දියාවට චෝදනා කළේය.
ශ්‍රී ලංකාවේ පවතින සිංහල දෙමළ අර්බුදයට හොඳම විසඳුම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම යැයි ඉන්දියාවේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ මේ හීනෙන් බයවෙලා වගේ එකපාරටම? ඔබලා පුරවපු කුණු කන්දේ ඛේදවාචකය තවම ඉවර නැහැ.
පිටිගල....ඒක මාස දෙකෙන් ඉවත්කරනව කියල බලයට අාපු අයත් එ්ක තාම ඉවත්කරල නෑනෙ.පහුගිය අාණ්ඩුව ඔ්ක ඉවත්කරන්න යම් වැඩපිලිවෙලක් හදමිනුයි හිටියෙ.මේ අාණ්ඩුව මාස දෙකෙන් නෙවෙයි අවුරැදු දෙකෙනුත් තාම හිතලවත් නෑ.
රත්නායක...වැඩපිළිවෙලක් හැදුවානම් ඇයි ඒ කිසි කෙනෙකුට අද වෙනතුරු ඒ පැත්ත පළාතේ යන්න බැරිව මාධ්‍ය වලට පමණක් මුවාවී විවිධ ප්‍රකාශයන් කරන්නේ? මේ ආණ්ඩුවේ සාගල ඇමති දෙපාරක්ම බැණුම් අහගෙන හරි ගියානේ එම ජනයා අතරට.කෝ අර කොළඹ ලස්සන කරා කියපු ලේකම්තුමාවත් ගියාද අඩුගානේ?
මෙන්න මෙයාට ඉන්දියාව එක පාරටම හොඳ වෙලා. මොකද දන්නෑ..
චානක...එහෙනම් හෙට අනිද්දම මේකට විසඳුමක් ගෙනෙයි.මොකද මෙච්චර දවසක් මේක දැක්කෙ නෑනෙ නේද. ඔයාට රටේ තත්වෙ දැනගන්න ඔ්නනම් මෙහෙට අවිල්ල බලන්න.හරි තොරතුරු දැනගෙනම කතා කරන්න. අපිට ඔ්න සද්ද නැතිව වැඩ විතරයි. මොන අාණ්ඩුවෙන් හරි.
ඉන්දියාව අපෙන් ඉල්ලීමක් නැතුවම අපිට පරිප්පු දුන්න හැටිත් මතකයි.
චානක ඔය බබෙක්ද?නැති නම් ගොනෙක්ද?
බලාගෙන ගියාම මෙයනේ යුද්දය කරලා තියෙන්නේ. අනේ මෙහෙම විහිළු. එක පාරක් යාපනයට ගියේ නෑ, තාම පිස්සෙක් වගේ ලකුණු දා ගන්න කතා.
රත්නායකලා දෙනගන්න ඉස්සෙල්ල අපි නියම තොරතුරු දන්නවා . අහන්න එපා කොහොමද කියලා
රටේ සාරය උරාගෙන බීපු චව්රයන් විවේචනය කරනකොට සිරිලාට හරියට රිදෙනවා . අපිටත් වෙන්න ඕනේ ඒකම තමයි...
යුද්ධය කලේ මමයි කියා ලකුණු දාගන්නවා ... නමුත් කුනුකන්දේ වගකීම අනුන් පිට පටවනවා .
සමහරු කල පව් විඳවන්නේ මෙලොවදීම උන්මත්තකයන් ලෙස හැසිරෙමින්.
කවුරු කවුරු හරි එකතුකරගෙන ඔබතුමාගේ ජනාධිපති ධුරය දරපු වකවානුවේ යුද්ධය දිනුව එක ඔබතුමාගේ දක්ෂතාවයක්, මේ වැඩේ කරන්න ඔබතුමාට කලින් හිටපු ජනාධිපතිවරු 4 දෙනාටම බැරි වුණා. ඒ ගැන ඔබතුමාගේ නම ඉතිහාස පොත්වල ලියවී හමාරය. නමුත් යුද්ධයෙන් පස්සේ ජනතාව මැතිවරණයේදී ඔබතුමා ප්රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ විශාල බලයක් දෙන ලදී. නමුත් එම බලය භාවිත කරමින් ඔබතුමාගේ ගෝලබාලයන් රටේ ආර්ථිකය මංකොල්ල කන විට ඇස්කන් වසා ගෙන සිටීමත්, නීතිය අතටගෙන වැඩකරද්දි නිහඬව සිටීමත්, බලතණ්හාව නිසා ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනිදේ නිසාත් ජනතාව කලකිරී ඔබතුමාව ජනාධිපතිවරණයෙන් පැරදවීය. ධුර කාල දෙකකට පසු ජයග්‍රාහකයෙකු ලෙස ගෞරවනීය ලෙස විශ්‍රාම ගෙන යන්නට තිබු අවස්ථාව ඔබ විසින් නැති කරගත්තා නේද?
මේ අය '80 දශකයේදී කිසිම ඉල්ලීමකින් තොරවම කොටින්ට ගිනි අවි පාවිච්චි කිරීමේ පුහුණුවත් ලබා දුන්නා.
ඩි සිල්වා.. මේවා කඩේ යන අයට නොතේරෙන එකනේ පුදුමේ?
පිටිගල මිලානෝ.. ඒ වුණාට සමහරු කියන්නේ අපි කිසි වැරැද්දක් කර නැහැ එක එක සංවිධාන එකතු වෙලාය අපිව පරාජය කලේ කියලා.
ඔව් ඔව් රටේ අහිංසක මිනිස්සු සංවිධානය වෙලා තමයි ඉවසන්න බැරිම තැන අවුරුදු දෙකක් කලින් ගෙදර යැව්වේ. ඇයි එකේ වරදක් තියෙනවද?