ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇත.
ඉන්දියාව මෙසේ තීරණය කර ඇත්තේ එන්නත සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුමත්, එම ඉල්ලුමට සරිලන ආකාරයට එන්නත් නිෂ්පාදනය කිරීම කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවිනි.
මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින හෙයින්, අවුරුදු 45 ට වැඩි ඉන්දියානුවන් සැමට ද එන්නත් ලබා දීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය තීරණය කර තිබේ.
ඉන්දියානුවන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා අවශ්‍ය බැවින්, විදේශවලට එන්නත් විකිණීම තාවකාලිකව නවත්වන බව ඉන්දීය රජය පැහැදිලි කර තිබේ.
ඉන්දියාවමේ වන විට රටවල් 76 කට එන්නත් මාත්‍රා මිලියන 60 කට වඩා අපනයනය කර ඇති අතර ඉන් බහුතරය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත්ය.
ඉන්දීය රජය පවසා ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත, අප්‍රේල් අවසානය තෙක් අපනයනය නවතා දැමීමට තීරණය කරන බවය.
බී.බී.සී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් ඉන්දියාවේ කොටසක් ලෙස සලකා බලා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ඉදිරියටත් නොකඩවා ලැබෙයි කියා විශ්වාසය තැබිය හැකියි.
සෑම ඉල්ලීමක්ම නවතා දැමිය යුතුයි.
ඉන්දියාව යනු ගෝලීය සහ කලාපීය වූ වයිරසයකි.
උතුරේ වැසියන්ට විතරක් ඉල්ලුවොත් දේවිද දන්නේ නැහැ.
මම හිතන්නේ අපේ කට්ටිය එන්නත් ලක්ෂ 5ක් ඉල්ලුම් කරපු එක එවන කතාවකුත් තියෙනවා. ඉන්දියාව නැහැ. ගොඩක් විශ්වාස කරන්නත් අමාරුයි.එහෙම වුණොත් දෙවැනි පාරට ස්පුට්නික් එකෙන් ගහලා පොඩි කොක්ටේල් එකක් වගේ කරන්න පුළුවන් වෙයි.