ප්‍රසිද්ධ ඉන්දියානු පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බැංග්ලෝර් නගරයේ පිහිටි ඇගේ නිවස ආසන්නයේ ලේ විලක් මැද ඇය වැටී සිටි බව ඉන්දියානු පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ඝාතකයා ඇගේ හිසට වෙඩි තබා ඇති බවත් සේවය නිමවා ඇය නිවසට පැමිණෙන අවස්ථාවේ මෙය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
නිර්භීතව වැඩ කරන සෘජු අදහස් ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රසිද්ධ ගෞරී මියයන විට 55හැවිරිදි වියේ පසුවූවාය. දීර්ඝ කාලයක් ටයිමිස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ සේවය කළ ඇය පසුව ඉන් ඉවත්ව පවුලේ සාමාජිකයන් සමග එක්වී පුවත්පතක් ආරම්භ කළාය.
පසුව එයින් ද ඉවත් වූ ඇය තනිවම ගෞරි ලන්කේෂ් පැට්‍රික් ලෙස ඇගේ නමින්ම පුවත්පතක් පවත්වාගෙන ගියාය. ඇගේ පියා ද කවියකු හා ලේඛකයකු වන අතර සම්මානලාභී සිනමාකාරිණියක වන කවීතා ලන්කේෂ් ඇගේ සොහොයුරිය වේ.
හින්දු අන්තවාදීන් විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.
(ද ගාඩියන් පුවත්පත ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. අපේ රටෙත් ඉස්සර මේ විදියට සෘජු අදහස් ප්‍රකාශ කල මාධ්‍යවේදීන්ගේ ජීවිත නැති වුණ හැටි මතක් වුණා.
ඉන්දියාව කියන්නේ ආගමික අන්ධ භක්තියෙන් අන්ධකාර වූ රටක්.
හරිම කණගාටුදායකයි. අපේ රටෙත් ඉස්සර සිංහල මාධ්‍යවේදීන්ගේ ජීවිත නැති වුණ හැටි මතක් වුණා.
අන්තවාදය බිහිවී ඇත්තේ ආගමක් හෝ ජාතියක් මුල් කරගෙනයි. මේ අන්තවාදීන් ගේ අරමුණ හා හේතුවක් වන්නේ ආගම හා ජාතිය රැකගැනීමේ අදහස මුල් කරගෙනය. දුගී දුප්පතුන්ගෙන් පිරි රටක, දුප්පත්කම නැතිකරන්ට අන්තවාදයක් නැත. කාන්තාවන්ට වෙන හිරිහැර නවතාලන්ට අන්තවාදයක් කවදාවක්, මෙවැනි සමාජයක බිහි වන්නේ නැත.
සිද්ධිය නම් කනගාටුදායක දෙයක්, මේ ඉතින් අපිට දැනගන්න ලැබුන දේනේ , දැනගන්න නොලැබෙන ඝාතන තව කොතෙක් ඇතිද ? වැඩිය ඕනේ නැ ලංකාවේ මොනතරම් මිනීමැරුම් වෙනවද , මේවාට වගකියන්න ඕනේ දේශපාලනේ කරන උන් සහ උන්ව පත්කරන අපි අපිමයි.