(ඩයනා උදයංගනී)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙනඒමට පෙර ඉන්දියානු බුද්ධි අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යෝජනාවක් කළ බවත් එය පිළිගත්තේ නම් මානව හිමිකම් චෝදනා එල්ලවීම වළක්වා ගැනීමට තිබූ බවත් සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
නමුත් එතුමාගේ හා රටේ අවාසනාවට මහින්ද රාජපක්‍ෂ මහතා එය පිළිනොගත් බව ඒ මහතා කියයි.
උතුරු පළාතේ ඡන්දය ඉක්මන් කිරීම, උතුරු නැගෙනහිර මීළඟ ආණ්ඩුකාරවරුන් ලෙස හමුදා භටයින් පත්නොකරන බවට හා ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ ප‍්‍රශ්නය නැවත විමසා බැලීමට කොමිසමක් පත්කරන බවට ප‍්‍රකාශයක් කරන ලෙසත් එම යෝජනාවේ තිබූ බව දිසානායක මහතා පවසයි.
එදා එය පිළිනොගැනීම වරදක් බව පසුව මහින්ද රාජපක්‍ෂ මහතා තේරුම් ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
එදා ජාත්‍යන්තර වශයෙන් මේ ගැන දන්නා දේශපාලනඥයන්ගේ හා විද්වතුන්ගේ මතය වූයේ ඒවාට එකඟ විය යුතුය යන්න බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ඉක්මනින් පැවැත්වූයේ එයින් පසු ඉන්දියාවේ සහය ලබාගෙන චෝදනාවලට මුහුණදීමට සිතාගෙන බවත් ඒ මහතා පවසයි.
ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටියේ නම් යුරෝපය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන නොඑන බව ද ඒ මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට මුළු ලෝකෙම තියෙන දේවල් දන්නවා වගේ තමා කතාව... නමුත් තමන් කල් ඉකුත් වෙලා කියා දන්නේ නැහැ.
නටාපල්ලාකෝ අල්ලපු රටේ තාලවලට, ඉන්දියානු ව්‍යාප්තවාදය තාම වැඩකරනවා... නේරුලාගේ කාලේ ඉඳලා.
දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන පුද්ගලයෙක්...
අපිට තාම මතකයි බටහිර රටවල් ඇතුළු නාදය එතුමාට යුද්ධය නවත්තන්න කියලා බලපෑම් කරපු හැටි.. තව ටික දවසකින් කියයි එහෙම කළානම් යුධ අපරාද චෝදනා මොකුත්ම එන්නේ නැහැ කියලා...
දැන් ද ඕවා කියන්නේ? මුලදී කොමිනිස්ට් කාරයෙක්. එහාට මෙහාට පනින එක්කෙනෙක්... සත දෙකකටවත් විශ්වාස කරන්න බැහැ.
චන්දෙ පෙරදිල මිනිස්සුන්ගේ මනාපේ නෙතුව එවිත් මෙව්වා කියා කිඋය හිටියහම හරි වෙඩක් නොකර. ජාතියේ පවට උපන් මිනිස්සු !
මේ වගේ අය තමා යහපාලනයට ගැලපෙන්නේ.