සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රෙදිපිළි අලෙවි කළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයෝ සිව් දෙනෙක් කල්මුණේ මහේස්ත්‍රාත් ඒ යුඩ්සන් මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ලක්ෂ 90ක පමණ රෙදි පිළි නැවත භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔවුන් අත්‍අඩංගුවට ගැනීම වරදක්ද? (නි)
එතකොට ඔවුන් රටින් පිටුවහල් කරන්නේ නැද්ද? (නි)
ඉන්දියන් අයත් දැන් ඇමරිකන් අය කරන දේවල්නේ කරන්න යන්නේ (නි)
සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඔවුන් කළ ක්‍රියාව නීතිවිරෝධීද? (නි)
සංචාරක වීසා වලින් මේ රට තුළට එන සංචාරකයෙකුට ගෙන ආ හැකි උපරිම මුදල කීයද? (නි)
රටකට වන විපත! විදේශිකයන්ට අවසරයකින් තොරව මේ රටේ මුදල්, ලාබලබන ව්‍යාපාර කළහැකිද? (නි)
මමත් ඉන්දියාවට යනකොට කරාබු නැටි ගෙනිහින් වික්කා හොද ලාබයක් ගත්තා ඉතින් ඒ අයටත් එනකොට පුළුවන්නේ ඔය වගේ මොනවා හරි ගෙනත් විකුනලා මුදල් හොයාගන්න යන වියදමවත් ඒක වරදක්ද? (බ)
මේක අද විතරක් නොවේ 70-80 දශකයේ මනි බඩු කරයෝ නිවෙස් වලට අාවා වෙළදාම් කරන්න ..........(එයාලට කිව්වේ බායි ලා කියල ) (බ)
එතකොට අපේ රටේ වෙළෙඳුන්ට මොනවා වුණත් කමක් නැද්ද? (නි)
අපිට වෙන රටකට සංචාරක වීසා වලට ගිහින් සම්මුඛ පරීක්ෂණයකටවත් යන්න බැහැ. (නි)
ඒ කියන්නේ සංචාරක වීසා මත ලංකාවේ වෙළඳාම් කරන්න පුළුවන් (නි)
එතකොට පොලිසිය මේ අයව අත්අඩංගුවට ගත්තේ නීතිය නොදැනද? එහෙනම් සංචාරක වීසා වලින් ඇවිල්ලා වෙළඳාම් කරන්න පුළුවන් නේද? වෙන රැකියා කරන්නත් පුළුවන් නේද එතකොට? (නි)
මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය? (නි)
ලංකාවට දෙවියන්ගේ පිහිටයි. හොරෙන් මාළු ඇල්ලුවත්, වෙළඳාම් කළත්, හිඟාකෑවත්, හොරකම් කළත් මිනීමැරුවත් ඉන්දියන්කාරයෝ නිදහස් වෙයි. මේක බරපතල කරුණක්. මෙවැනි දේ දිගටම කිරීමෙන් එයම නීතියක් බවට පත්වේවි. (නි)
ඒ කියන්නේ සංචාරක වීසාවකින් පැමිණ වෙළඳාම් කළහැකි බවනේ. මා දන්නා තරමින් කිසිම රටක එවැනි පහසුකමක් නැහැ. (නි)