හර්ෂණ තුෂාර සිල්වා
ඉන්දියානු සාගර කලාපයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්ව වැළැක්වීම සඳහා නව උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නැයි රජය නාවික හමුදාවට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ප්‍රකාශ කළේය.
එහිදි විශේෂයෙන්ම සබ්මැරීනවලින් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද රජය නාවික හමුදාවට දන්වා ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය. අර්බුද හා මතගැටුම් වළක්වාලමින් ඉන්දීය සාගර කලාපයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම එහි ප්‍රධාන අරමුණ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු කිරීමේ ආයතනයේ’ පශ්චාත් ඩිප්ලෝමා සහ සහතික පත්‍ර බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය.
“ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉන්දු ශාන්තිකර’ යනුවෙන් ඉතා හොඳ නව සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. ආසියා ශාන්තිකර කලාපය යන්නට අමතරව මෙය හඳුන්වා දී තිබෙනවා. චීනය හිතනවා මෙය ඔවුන් සීමා කරන්න කියලා. නමුත් එවැන්නක් නැහැ. අපත් මෙයට හසු වී සිටිනවා.
අපි හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට්’ සහ වරාය අධිකාරිය සම්බන්ධ කරගනිමින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් බවට පත්කළා. ඒ වගේම වරාය නගරය ඉදි වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තිබෙන්නේ ශ්‍රී ලංකා රජය යටතේ බව නැවත නැවත් අවධාරණය කළ යුත-ුයි. අපි ‘චයිනා මර්චන්ට්’ සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමේත් ඒ බව හොඳින් සඳහන්ව තිබෙනවා. එම සමාගම ද එය පිළිගෙන තිබෙනවා. ආගමන විගමන පාලනය, රේගුව සහ ආරක්ෂාව යනාදි සියල්ල තිබෙන්නේ ශ්‍රී ලංකා රජය යටතේ. ඒ වගේම දකුණේ අණදෙන මධ්‍යස්ථාන ගාල්ලේ සිට හම්බන්තොට වරායට ගෙන යනවා.
අපි හම්බන්තොට වරායේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. ඒ නිසා අපි නාවික හමුදාවට නව උපායමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි දැනුම් දී තිබෙනවා. චීනයට හම්බන්තොට වරාය කඳවුරක් ලෙස භාවිත කරන්න ඉඩක් නැහැ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ කටයුතු ඉන්දියානු සමාගමක් හා එක්ව කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා චීනය තමයි ඔක්කොම කරන්නේ කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන පාර්ශව සියල්ල සාකච්ඡා මේසයට ගෙන ඒම අපේ අරමුණයි”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාම්භිර කතාව. ජාත්‍යන්තරය යාලුවෝ, එත් තවම බැරි වුනා උතුරේ මාළු සම්පත බේරගන්න ඉන්දිය ධීවරයන්ගෙන්.
අපිට චීනෙට දුන්නත් එකයි ඉන්දියාවට දුන්නත් එකයි. ඔක්කොම අපේ සම්පත් විකුණන එකයි කරන්නේ. ලාබේ ගන්නේ ඒ රටවල්. මේවා බැරිද ලංකාවට ලබා ලබන විදියට හසුරවන්න දේශීය ව්‍යාපෘති විදියට. දැන් ඇමෙරිකාව කිව්වහම ඔක්කොම ඉන්දියාවටයි , චීනේටයි විතරයි කියල....... අර ඉතුරුවෙලා තියෙන ත්‍රිකුණාමලය ඇමෙරිකාවට දෙමු. තව.. කාටද දන්නේ නැ මොනවහරි ඕනේ.. හොයල බලල ණය අරගෙන සංවර්ධනය කරලා විකුනමු. ණය ගෙවන්නේ රටේ ජනතාවනේ. මේකනම් මාර මොලේ..හැබයි ඔය ඔක්කොටම වද වටිනවා දියවන්නාවේ පාර්ලිමේන්තුව කොහේ හරි රටකට විකුණලා දැම්මනම්. උගන්ඩාවට උනත් කමක් නැ..
මම ඔබතුමා කියන හැමදේම හරි කියලා පිළිගන්නම්, නමුත් ඔබතුමා කරන ඡන්දය වෙනුවෙන් ජාතිය පාවාදීම අනුමත නොකරමි.
මාසේ පෝය ලගද ???? අනේ මන්ද ........
සර් කව්රුවත් පොත් බල බල යුද්ද කරන්නේ නැහැ ඉන්දියාවයි චිනෙයි යුද්දකරොත් අපේ රට නිකම්ම විනාස වෙනවා, අපි දන්නවා ඔබතුමා නෙවෙයි එකට වග කිව යුත්තේ, එ්ක කරේ හිටපු පාලකයෝ කියලා, නමුත් වර්තමාන අගමැතිවරයා හැටියට ඔබතුමාට විසාල වගකීමක් තියෙනවා අපි වැටිලා ඉන්න නය උගුලෙන් රට බේරාගෙන මේ බලවත් ජාතින් දෙකෙන්ම එන අනවශ්‍ය බලපෑම් වලින් රට මුදවාගන්න, රුසියාව සහ ඇමරිකාව සිතල යුද්ද කාලේදී නොබැදි ජාතින් එකතුවුනා වගේ වැඩ පිළිවෙලක් මෙතැනදී කරන්න බැහැ අපි තනිවෙලා ඉන්නේ, අපි විස්වාස කරනවා ඔබතුමා යථාර්තය අපිට වඩා හොදින් දන්නා නිසා රට මේ වැටිලා ඉන්න අගාදයෙන් ගොඩ ගන්න සුදුසු සහ ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නගයි කියලා.
මේකට තමයි සිංහලෙන් කියන්නේ "ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ" කියලා. ඉන්දීය සාගර කලාපයේ අර්බුද වැළැක්වීමට නව උපායමාර්ග හොයන්න යනවා. රට ඇතුලේ තිබෙන අර්බුද නාහෙනුත් ඉහළට ගිහිල්ලා.
ඒ සමගම කියන්න මේ පශ්චාත් ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ධාරීන්ට දෙන්න යන රැකියාවල් මොනවාද? අපේ රටේ රැකියාවන් එල්ල කරගෙන අධ්‍යාපනය ලබනවාද නැතහොත් මොකක් හරි විෂයක් ඉගෙනගෙන ඊට සරිලන රටේත් නැති රැකියාවන් ඉල්ලා පාරේ උද්ඝෝෂණය කරනවාද?
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කියන්නේ මේකට. රටම ජාතියම අර්බුදවල නහයටත් උඩින් ගිලිලා තියෙද්දී ලෝක අර්බුද විසඳන්න කතා කරනවා. ප්‍රතිකාර ගත යුතු තරමටම අර්බුදය දරුණු වෙලා දැන්නම්...
කොහොමත් මේ අයට දශක 3 ,4 ක් ඉඳලම මාසේ පෝය ලංවෙනකොට ප්‍රශ්න තමයි.
ඉන්දීය සාගර කලාපයේ චීනය සහ ඇමෙරිකාව සමග යුද ගැටුමක් ඇති වුවහොත්, ලංකාවට කළ හැකි කජ්ජක් නැහැ. මේ හුඹස් බියවල් ගැන කතා නොකර, කරුණාකර රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳන්නට හිත යොමු කරන්න.
ට්‍රම්ප්ගේ එ්ජන්ට් වගේ. රට සුඛිත මුදිත කරලා දැන් ලෝකේ හදන්න යනවා... නියමයි.
මෙයා නිකම්ම දොඩවනවා නෙමෙයි, මේ කරන්නේ රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්ණ අමතක වෙන්න අනවශ්‍ය මාතෘකා ගැන ලොකු කතා කියනවා. සමහර ගෙවල් වලත් ඉන්නවනේ බිබී කිසවක් නොකර, තමන්ගේ නෝනා කුලී වැඩ කරලා තමයි කන්න දෙන්නේ. ඒ උනාට කතාකරන්නේ ඇමෙරිකාවේ ප්‍රංශ, රුසියාවේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්ණ ඔක්කොටම ගැහැණු කෙනා තමා...
ඇයි අර බොහොම ඉස්සර සෝල්හයිම්ලත් එක්කලා එකතුවෙලා ගහපු ගිවිසුමෙන් ලංකාව වටේ සැතපුම් පන්සියක් එපිටින් අර්බුද ගැන බලාගන්න බාරදුන්නා නේද අල්ලපු රටට? ඔය ... මොකක්ද කියන එක සතියකට දෙතුන් වතාවක් කැරකිලා යන්නේ ඊටපස්සේ... අපි මොනවද අනුන්ගේ අර්බුදවලට මැදිහත් වෙන්නේ? එදා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන ඔව්වට අත්සන් කරද්දියි ඔය අර්බුද ගැන හිතන්න තිබුනේ. එදා වේල කන්න නැතුව ඉඳගෙන අර්බුද විසඳන්න යන්න හදනවා. තව මේ කෙලවෙලා තියෙනවා මදිවට...
උපාය මාර්ග අංක එක 01 හෙරොයින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම