ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වැඩ බලපත්‍ර විශාල වශයෙන් ආයෝජන මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. රැකියා වීසා මත පැමිණි 8,000කට ආසන්න පිරිසක් පසුගිය වසරේදී ඉල්ලුම්පත්‍ර යොමු කර ඇතැයි ද සංචාරක වීසා මත පැමිණි සැලකිය යුතු පිරිසක් ද එලෙස අයඳුම්පත්‍ර යොමු කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් ඉදිරිපත් වූ වීසා 5,786කට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් තමිල්නාඩු ශ්‍රමිකයන් 250 කට ආසන්න පිරිසක් සේවය කරන වැඩබිමකට ගොස් කරන ලද අධ්‍යයනයක තොරතුරු මෙසේය. රැකියා කොන්දේසි මත එම තමිල්නාඩු ශ්‍රමිකයන් සේවයේ යෙදෙන අතර ඊට දිනකට පැය 12ක වැඩමුරයක් ද ඇතුළත් වේ.
“අපි උදේ 7.30 ඉඳන් හවස 7.30 වෙනතෙක් සේවය කරනවා. අපට නැවතී සිටින තැන්වලට යන්න ප්‍රවාහන පහසුකම් ලැබෙනවා” යැයි එක් ඉන්දීය ශ්‍රමිකයෙක් පැවැසීය.
ඉන්දීය ශ්‍රමිකයකුට නවාතැන් පහසුකම් ද සහිතව රුපියල් 60,000කට (ඉන්දීය රුපියල් 25,253ක්) මුදලක වැටුපක් ගෙවන අතර ආහාර පාන ඔවුන් සපයාගත යුතුව ඇත. මෙම ඉන්දීය සේවකයන් පිරිස ඉරිදා දිනයද ඇතුළුව සතියේ දින හතේම සේවය කරන අතර කිසිදු නිවාඩුවක් නොලැබේ.
“අපේ වැඩ අවසන් වෙලා අපේ කෑම අපිම හොයාගන්න ඕනේ. අපි අපේ කෑම ටික උයාගන්නවා. එහෙම නොවුණත් අපි හම්බ කරන සල්ලි ඔක්කොම කෑමවලට වියදම් වෙනවා. ලංකාවේ කෑම හරි ගණන්” යැයි තවත් ශ්‍රමිකයෙක් කීය.
ඉන්දීයාවේදී ඉදිකිරීම් සමාගම් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ලංකාවේ ඉදිකිරීම් සංගම් ගෙවන බව සඳහන් කළ එම තමිල්නාඩු ශ්‍රමික පිරිස එම මුදල සොයාගැනීම තම මුළු ජීවිතයම කැප කිරීමට සිදුව ඇතැයි පැවැසූහ. තමන්ට කිසිදු විවේක කාලයක් හෝ විනෝද කාලයක් නැතැයි ද ඔවුහු කීහ.
මේ දිනවල තිබෙන දැඩි රස්නය මෙන්ම ඉන්දීය සේවකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට තමන්ට ද මුහුණ දීමට සිදුවන බවත් ගාලුමුවදොර සහ ආර්.ඒ. ද මැල් මාවතේ වැඩිබිම්වල සේවය කරන චීන ඉදිකිරීම් ශ්‍රමිකයෝ පිරිසක් පැවැසූහ.
“ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. එහෙත් ඉදිකිරීම් සේවකයන්ට ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතා රස්නෙයි. අපි උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන් වැඩ කරනවා. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන් සමඟ වැඩ කිරීමේදී සන්නිවේදන අර්බුදවලටත් මුහුණ දෙනවා. අපිට නිදහසක් නැහැ. විනෝද වෙන්න වෙලාවක් නැහැ. හැමතිස්සෙම වැඩ කරනවා. ” යැයි හූ යන්ග් ලෙස තමා හඳුන්වා දුන් චීන ඉදිකිරීම් ශ්‍රමිකයෙක් පැවැසීය.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන අයට ටිකක් කල්පනා කරලා බලන්නයි මේ අදහස්. දින 30 ට 60,000 කියන්නේ දවස 2,000 යි. ලංකාවේ සාමාන්‍ය අත් උදව් කරන අයට 1500 විතර දෙනවා. දින ගණන ඉතින් 22-25. වැඩත් පැය 8-9 යි. 12ක් නෙමේ. මේසන් අයට නම් 3,000 විතර දවසකට....
ICTA අත්සන් කරාද? කෝ අපිට රස්සාවල්?
මැදපෙරදිග පට්ට අව්වේ වැඩ කරලත් ලැබෙන්නේ රුපියල් 40,000 ක්. ඒ රස්සාව ගන්නෙත් කොම්පැනිකාරයන්ට රුපියල් ලක්ෂ 2ක් 3 ක් දීල . රුපියල් 60,000 ක් දෙනවනම් ලංකාවේ මිනිස්සු ඉන්නවා වැඩට...
සුද්දන්ගෙ කාලේ සිදුවුනු දේම නේද මේ ආයෙත් වෙන්නෙ? අඩු පඩියට මේ වගේ කම්කරුවන් මරව මරවා වැඩ ගන්න එකේ මැදපෙරදිග, කොරියාව, වගේ රටවල දුක්විඳින අපේම අයට වැඩි පඩියකට රෑකියා දුන්නනම් වටිනවා නේද? මොකද අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරුවෙන නිසා...
ලංකාවේ මේසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක් වැඩට හොයාගන්න හරිම අමාරුයි. හොයාගත්තත් අද එන්නම් හෙට එන්නම් කිය කියා ඉන්නවා.... එන දවසක් කියන්න බැහැ, වැඩට එන්නේ 9 පහුවෙලා ඇවිත් වැඩ අතගගා ඉන්නවා තේ බොන්න පැය භාගයක් විතර ගන්නවා. කෑම කාල පැයකට වැඩිය නිදා ගන්නවා. අන්තිමට වැඩ වල ප්‍රමිතියක් නැත. ඊට පස්සේ වැරදි පෙන්වුවහම අනිත් දවසේ වැඩට එන්නේ නැත. ඉතින් මේ රට දියුණු කරන්න නම් ඉන්දීය, චීන සේවකයෝ ගෙන්න වෙනවා. ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ඉදිරියට චීන, ඉන්දීය සමාගම් වලට දෙන්න ලංකාවේ රාජ්‍ය, පුද්ගලික අංශ පෙළඹේවි.. ලංකාවේ සමාගම් නිකම්ම වැසේවි අපේ කම්කරුවෝ මැදපෙරදිග යාවි... මෙහි වරද ලංකාවේ රජයේවත්, ඉන්දියාවවත්, චීනයවත් නොවේ. ලංකාවේ කම්කරුවාගේ මානසිකත්වය තමයි. හැමෝම බලන් ඉන්නේ නිකන් ඉඳන් හම්බ කරන්න. බැලුවොත් මොකක් හරි ඉල්ලලා කොහේ හරි වර්ජන ඉතින් කොහොමද විදේශික ශ්‍රමිකයෝ නැතුව රට දියුණු කරන්නේ ?
මචන්ලා මෙතන විස්තරේ කියල තියනවා පොඩ්ඩක් මදි. ගොඩක් මේ වැඩ කරන ඉන්දියාවේ (හෝ නේපාලයේ) අය ඉන්නේ ඉදිකිරීම් වැඩබිම්වල. ඒවගේ වැඩ කරන්න කම්කරුවෝ ලංකාවේ නෑ අවශ්‍ය ප්‍රමාණයට. කම්කරුවෝ වැඩ කරන්න මදි හන්ද තමා වෙන රටවලින් එක්ක එන්න වෙලා තියෙන්නේ. ලංකාවේ රැකියා නැති අය කොච්චර හිටියත් මේ වගේ කම්කරු වැඩ වලට කැමති අය හොයාගන්න අඩුයි. අනික මේ 60000 පඩිය ගෙවන්නේ ආණ්ඩුව නෙවේ. පුද්ගලික ඉදිකිරීම් සමාගම් තමා ගෙවන්නේ. අනික පුද්ගලික අංශයේ ඉදිකිරීම් කරනකොට අතිකාල දීමනා එහෙම එක්ක ලංකාවේ කම්කරුවන්ටත් මේ හා සමාන (සමහරුන්ට මීටත් වඩා) පඩි හම්බෙනවා.. සාමාන්‍යයෙන් කම්කරුවෙක්ට පැය 8ක වැඩ මුරයකට 1000 - 1600 අතර ගාණක් ගෙවනවා. තව අතිකාල දීමනා එහෙම හැදෙනකොට මීට වඩා එකතු වෙනවා. අනික තව සමහර කරන වැඩ ප්‍රමාණයට (උදා. ගඩොල් බිත්ති බැඳීම, වර්ග ආදී ප්‍රමාණයට) පඩි ගන්න අය දවසකට 3000, 4000 කට වැඩිය උපයනවා.
අපි ඉන්දියන්කාරයින්ට වඩා දක්ෂයි..ඒ ගැන සෞදි අරාබියද ඔප්පුකර ඇත. ලෝකයම දන්නවා අපි ගැන... ඇයි ලංකාවේ අපිට රස්සාවල් නැත්තේ....?
අන්තිමට ඉන්දියානුවෝ මේ රට ගැහැණු විවාහ කරගෙන මෙහෙම නවතිනවා. මේවාට ඉඩ සැලසූ හැම කෙනෙකුටම පලවිපාක දෙයි. මට කියන්න තියෙන්නේ එපමණි.
ලංකාවේ වුර්තිය පුහුණුව තිබෙන්නේ ඉතාම පහත මට්ටමක , කිසිම ප්‍රමිතියක් නැහැ , මේ තත්වය ඉදිකිරීම් , හෝටල් , ආරෝග්‍යශාලා , මෝටර් කාර්මික යන සෑම අංශයකටම පොදුය , ජෙර්මනියේ මේසන් බාස් කෙනෙක් වෙන්න අවරුදු 3 ඉගෙන ගන්න ඕනේ වුර්තිය සහතිකය දෙන්නේ ප්‍රයෝගික සහ ලිකිත විභාගයෙන් සමත් වුනොත් පමණි , ජෙර්මනියේ මේසන් බාස් වැඩට එන්නේ බෙන්ස් එකේ , හොඳට හම්බ කරනවා නමුත් ඔවුන් භාර ගන්න වැඩය කලට වෙලාවට සහ නිසි ප්‍රමිතියට කරන්න ඉතින් බැඳී සිටිනවා , එහෙම නොකලොත් පාරිභෝගිකයාට සිදු වන පාඩුවට ඔවුන්ට වන්දි ගෙවන්නත් සිදු වෙනවා , දේශීය කම්කරුවට ලංකාවේ ඉල්ලුම නිසිප්රමිතියකට තරඟකාරී මිලකට සපයන්න බැරි වුනොත් විදේශිකයන් වැඩේ අතට ගන්නවා ,
ලංකාවේ ඉන්නේ පුදුම මිනිසුන්.... වැඩ කරන්න කම්මැලියි. ලංකාවේ ඉන්න කොට පිට ගිහින් වැඩ කරනවා. ඒ රැකියාව ගන්න අතින් ණය වෙලා මුදල් දීල යනවා මේසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක් වැඩට හොයාගන්න හරිම අමාරුයි. දැන් ලංකාවේ හොයාගත්තත් අද එන්නම් හෙට එන්නම් කිය කියා ඉන්නවා....අපේ මිනිසුන් හදන්න බැහැ... මෙහි වරද ලංකාවේ කම්කරුවාගේ . හැමෝම බලන් ඉන්නේ නිකන් ඉඳන් හම්බ කරන්න. බැලුවොත් මොකක් හරි ඉල්ලලා කොහේ හරි වර්ජන ඉතින් කොහොමද විදේශික ශ්‍රමිකයෝ නැතුව රට දියුණු කරන්නේ?මේ වගේ මිනිසුන් එක්කද මේ රට දියුණු කරන්න හදන්නේ ...
සංචාරක වීසා වලටත් ආයෝජන මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවේ වැඩ කරන්න බලපත්‍ර දෙනවද? ඔය තවම "එට්කා" හරියට අත්සන් නොකර අත්සන් කළොත් කොහොමට හිටීවිද? ඉන්දියාවටයි, චීනයටයි අපේ රට විකුණලා ඉවරයි. එට්කා පිළිලයක්.
ලංකවේ මිනිස්සු කම්මැලියි, කවදාවත් සතියේ දින 7 ම වැඩකරන්න කැමති නැහැ . දැන් බොරුවට ඉන්දියන් කාරයොන්ට බැනල වැඩක් නැහැ...
ලංකාවේ අයට ලංකාවේ කම්කරු රස්සාවක් කරන්න කැමැත්තක් නැති වුනාට මැද පෙරදිග කොරියාව ජපානය වගේ රටවල මැරීගෙන වැඩකරනවා. ගෘහ සේවිකාවොත් එහෙමයි. ලංකවේ ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න හුඟක් අමාරුයි. බංග්ලාදේශ් වගේ රටවලින් ගෘහ සේවිකාවෝ ගෙන්වාගන්න අවසර දෙනවනම් හුඟක් හොඳයි.
ගෙන්න ගත්තට කමක් නැහැ. මෙහෙ පදිංචි වෙලා අයිතිවාසිකම් කියන්න පටන්ගත්තාහම තමයි ප්‍රශ්න පටන් ගන්නේ. දැන් පෙනෙන්නේ නැතිද ? සුද්දා ඉන්දියාවෙන් ගෙන්න ගත්තු දුම්කොළ වතුවල, කොපි වතුවල, තේ වතුවල වැඩ කරපු අය අපිට කරන විනාසේ...
විශේෙෂයක් නැහැ මැද පෙරදිගත් තත්වය ඕකම තමයි...
ඉතාම සතුටුදායක ආරංචියක්,...මට මේ සම්බන්ධයෙන් අත්දැකීම් තියනවා. මගේ නිවාසය පසුගිය වසර ගණනක් තිස්සේ ඉබි ගමණින් තනනවා. අද වැඩට එන බාසුන්නැහේ හෙට වෙන තැනකට හොරෙන්ම යනවා. වැඩවල ප්‍රමිතියක් නැහැ. මගේ මුදල් සහ නිවාඩු ඉවරවෙනවා. නමුත් වැඩේ ඉබිගමනින් ඔවුන්ට ඕන විදියට.... මම වගේම ඉතාම අමිහිරි අත්දැකීම් ලබන අයට හොඳ ආරංචියක්. කරුණාකර අපට විදේශික ශ්‍රමිකයින් සම්බන්ධ කරගැනීමේ වැඩ පිළිවෙළක් රජය මැදිහත්ව සකසන්න. ස්තුතියි !!
කරුණාකරලා මේ යහපත් තීරණය පටු දේශපාලන සහ ජාතිවාදී කෝණ වලින් බලන්න එපා... වැඩවල ප්‍රමිතියක් ඇතිනම්, කලට වෙලාවට සම්පුර්ණකරනවානම්, කම්මැලි නැතිනම් , බොරු කියල සල්ලි අරන් මග අරින්නේ නැත්නම්, අනවශ්‍ය නිවාඩු ගන්නේ නැත්නම්, වැඩපලේ අයිතිකරුවට ඇහුන්කම් දෙනවානම් ලංකාවේ කම්කරුවන් කලබල විය යුතු නැහැ. නමුත් බහුතරයක් අතින් වෙන්නේ මේකේ අනිත් පැත්ත. විදේශික කම්කරුවන් යොදාගැනීමෙන් මේ සියලු කරදර මගහැරගන්න පුළුවන්. මොවුන් සම්බන්ධ කරගැනීමට යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. සේවා කාලය අවසානයේ මොවුන් නැවත තම රටවලට යාවි. තරගකාරිත්වය තුලින් තවදුරටත් කම්කරු මාෆියාවකට යටවෙන්න අවශ්‍ය නැහැ.
ලංකාවේ එච්චරටම රැකියා ප්රශ්නය විසඳිලාද? කවුරු කිවුවත් මේ සැරසෙන්නේ හරියට "ගොනා හැරෙන්නේ පොල් පැලයටයි"වගේ න්යායටයි.
ඉන්දියන්කාරයෝ ගිය තැන ඉවරයි. ඕස්ට්‍රේලියාවෙත් වෙන්නේ එ්කමයි. උන් තුට්ටු දෙකට වැඩ පාවාදෙනවා. වැඩක් කළොත් තව එකෙකුට වැඩක් ඉතිරි කරලා තමයි කරන්නේ. හරියට එයාල වැසිකිළි යනවා වගේ. අහම්බෙන් කෙනෙක් තමයි වතුර ගහන්නේ. මේ යන විදියට ගියොත් හෙට අනිද්දට ඔවුන්ගේ ජරාව සුද්ද කරන්න වෙන කොහෙන් හරි ගේන්නත් බැරි නැහැ.
ලංකාවේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක්! කිසිම දෙයක් හරියට කරන්න දන්නේ නැහැ. කෙසේවෙතත්, කටවල් නම් තියනවා අප්පල්ලවල් වගේ. මේ හින්දා තමයි පිටරටවලින් මිනිස්සු වැඩට ගෙන්වන්න වෙලා තියෙන්නේ. වෘත්තීය පුහුණු පාඨමාලා විදිමත් ආකාරයට ලබාදීමට රජය තාක්ෂණික විද්‍යාල දියුණු කල යුතුයි!