ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකල අන්දම පිළිබඳව ඉන්දියා රජයටත් තමිල් නාඩුවේ අනවශ්‍ය කලකෝලාහල ඇතිකිරීම සඳහා කටයුතු කරන ප්‍රාන්ත රජයටත් දොස් පවරණ භාරත මහජන පක්ෂ නායක වෙන්කයියා නායිදු " යුද්ධය පැවති කාලයේදී මේ පිළිබඳව කතා නොකලේ මන්දැයි " ප්‍රශ්න කරයි.
ඉන්දියා පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුවුණ කල කොලොප්පම සහ ඉන්දියා රජය ජිනීවාහිදී ක්‍රියාකළ අන්දම ගැන අප්‍රසාදය පළකරමින් දකුණු ඉන්දියාව පුරා පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳව අදහස් දැක්වීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු පැවසුයේ "ශ්‍රී ලංකාවේ යුද්ධය පවතී කාලයේදී කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් මධ්‍යම රජයේ හවුල් කාරයන් වූ බවයි. ඉතින් ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට බැටදෙනතුරු මධ්‍යම රජයත් තමිල්නාඩු ප්‍රන්ත රජයත් කටවහගෙන සිට යුද්ධය අවසන්වුවට පසු මේ නගන ඝෝෂාවේ තේරුම කුමක්දැයි කියා දැනගන්නට කැමතියි. ශ්‍රී ලංකා හමුදාවන් දරුණුලෙස ක්‍රියාකලායයි කියන කාලයේ ඉන්දියා රජයත් තමිල් නාඩු ප්‍රාන්ත රජයත් නිහඬව සිටියා. දැන් ශ්‍රී ලංකා හමුදාවන් නිහඬව ඉන්නා විට මේ දෙගොල්ලොම කෑකෝ ගහනවා. අලුතෙන් සද්ද කරන්න පටන් අරගෙන. මොකාටද මේ දෙගොල්ල මේ එන්න හදන්නේ? " .
"අපි සේරම මතක තියාගන්න ඕනෑ ඉන්දියා හමුදාවත් ශ්‍රී ලංකාවේ ඔය කියන යුද්ධයේ හවුල් කාරයෝ කියල. ලංකා රජයේ ආරාධනයක් ලබා නොගෙන ඉන්දියා සාම සාධක හමුදාවක් එහෙ යවල අපිත් නාගත් බව අමතක කරන්න එපා. ඒකාලයේ ඉන්දියා හමුදාවන්ටත් ඔය කියන චෝදනා එල්ලවූනා. 1987 සිට 1990 වෙනකල් අපගේ හමුදාවේ දහස් ගණනක් ඒ යුද්ධයට බිලිදුන්න.? ඒ කාලයේ ඔය ගොල්ලන් සද්ද නොකළේ මොන හේතුවක් උඩද?" කියා ප්‍රශ්න කරන වෙන්කයියා නායිදු මේවා ගැන ඉන්දියා රජයත් තමිල්නාඩු ප්‍රාන්ත රජයත් උත්තර සැපයිය යුතුයැයිද අවධාරණය කර සිටී.
මේ ප්‍රශ්නය දැන් දුරදිග ගිහිල්ල ඉන්දියා පාර්ලිමේන්තු සැසිවාරය පවා පවත්වාගෙන යාමට නොහැකිවන තැනට කටයුතු යෙදී තිබෙන බවත් මේවා ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව කෙරෙහි අනුකම්පාවකින් සිදුකරන දේවල් නොව හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන ආත්මාර්තකාමී ක්‍රියාවන් බවත් ඔහු කියා ඇත.
පාර්ලිමේන්තු සහ ප්‍රාන්ත රාජ්‍ය ආසන සංක්‍යාව අනුව භාරත ජනතා පක්ෂය ඉන්දියාවේ දෙවෙනි දේශපාලන බලවේගයයි.
1998 සිට 2004 දක්වා අතල් බිහාරි වජ්පායි ගේ නායකත්වයෙන් පැවතී සභාග රජයේ ප්‍රධාන පක්ෂය වුයේ භාරත ජනතා පක්ෂයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගුරට හොරා බෙහෙත් කෑවම ඔහොම වෙනවා. කුම්බල මාළු කෑවනම් ඉවසපන් පුසෝ කිව්වලු.අවස්ථාවාදී හිතයිෂින් හඳුනාගන්න හොඳම අවස්තාව . (ස)
ඇත්තටම මටත් අමතක වෙලනෙ තිබුනේ. මුන්ගෙ හමුදාව මෙහෙ ඇවිල්ල එක ගෑනියෙකුට ඉන්න දුන්නෙ නෑ නෙව. බලාගෙන ගියාම අපිටත් පුලුවන් නෙ මනව හිමිකම් කොමිසමමට පැමිණිලි කරන්න.(නදී)
ඔබ නිර්භීත , සාධාරණ මනුස්සයෙක්. ඔබට අපගේ ආචාරය (ස)
අන්න එහෙම එන්නකෝ .එතුමලා උනත් දන්නවා මේවගේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. දේශපාලන වාසිතකා තමයි මේ ඔක්කොම (ස)
ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එව්වද කියලවත් මන්මෝහන්සිං මහත්තයට මතක නැතිලු (ස)
සත්‍ය ජය ගන්නවා කියන්නේ බොරුද (දී)
සහකින ඇත්ත. ඔබලා නිර්භීතයි.(නදී)
ජෝයි ඩයස් ඔබ හරියටම හරි. ඉන්දියාව කවදාවත් ලංකාවේ උතුරේ දෙමළ රාජ්‍යයක් බිහිවෙන්න ඉඩ දෙන්නෙ නෑ. එය ඔවුන්ගේම ආරක්‍ෂාවට තර්ජනයක් වන නිසා.(නදී)
මේවා කියන්න තිබුණෙ ජිනීවා සමුළුවෙදි අපේ ලංකාවේ ඇත්තෝ නේද ? (ස)
වජ්පායි නැවත එන්න.(නදී)
අනේ මන්දා (දී)
තමන්ගේ රටෙ ආරක්ෂාව ගෑන හිතන දේශපාලකයෙක්.ලංකාවේ උනාවගේ දකුනු ඉන්දියාවෙත් ත්‍රස්තවාදය හිසඔසවයි කියා බියක් දෑනෙනෙන්නට ඈති.දෑනටමත් කොටි හිතවාදින් නිර්මාණ්ය කරමින් සිටින්නේ එම භූමිකාවයි.භාරත ජනතා පක්ෂයට එම ඉව වෑටීම සාධාරණ්යි. අනේ අපොයි ඔය ලොකු රටෙන් කෑල්ලක් කඩාගත්තොත් මොන අපරාධයක්ද? ඡන්ද වාසි වගේද? (ස)
නියමයි. ඇත්තම කිවුවා. (නි)
මිනිස්සුන්ට කොහොමත් ඇස් ඇරෙන්නෙ විපක්ෂයට ගියවිටයි. (නි)
හොද අදහස් දැක්වීමක්. ඔබ සමග අපද එකග වෙනවා.(නදී)
අස්සයා පැනලා ගියාට පස්ෙස ඉස්තාෙල වහන්න වෙග් හදන්නේ.(නදී)
වැල්වැටිතුරේ සන්හාරය, යාපන රෝහලේ සන්හාරය එහෙම ඉන්දියන් හමුදාව මෙහෙ ඇවිල්ල කරපුව තමා. අහිංසක දෙමල ගැහැණුන් සියගණනක් දූෂණය කලා. ඉන්‍දියාවෙ එකෙක්ට හරි ඕක මතක තිබුණ එක ලොකුදෙයක්. අනික් කෙනෙකුට ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට කියල ඔය හැම එකාම මතක තියාගන්න ඕනි. එල් ටී ටී ඊ යට කිරිපොවල පුහුණුව දීල හැදුවෙ කව්රුවත් නෙමෙයි ඉන්දිරා ගාන්ධි .(නදී)