තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දේශසීමාව පසුකරන ඉන්දීය ධීවරයින් නිකරුණේ අත්අඩංගුවට නොගන්නා බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (16) වාර්තා කළේය.
ඉන්දීය ලෝක් සභාවේ හිටපු මන්ත්‍රී එම්.රාම්දාස් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙසට යොමුකර තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇතැයි එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනයේ පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාලය තහවුරු කළ බවද සුෂ්මා ස්වරාජ් මහත්මිය පෙන්වා දේ.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් , දිගින් දිගටම මෙලෙස ඉන්දීය ධීවරයින් ශ්‍රී ලාංකික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වුවහොත්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා ඔවුන් නිදහස් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් ඇය සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇත්තටම කරන දේ ගැන ඉන්දීය විදේශ ඇමතිනිය කරන ලද නිර්භීත ප්‍රකාශයක්. ඇත්ත කීම හා සිදුවන දේ පිලිගැනිම ගැන ඔබතුමියට ස්තූතියි
මෙය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්. නිවැරදි සාධාරණ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඉන්දීය රජයත් අපට පක්ෂව කතා කරනවා. අගමැති රනිල් සහ හිටපු විදේශ ඇමති මංගල වැනි අයට මගේ ගෞරවය. චන්ඩි කතා, දේශප්‍රේමී කතා වේදිකාවල කිය කියා මෝඩ මිනිසුන් මෝඩයා කරපු හිටපු පාලකයන් තවම හිටියා නම් කච්චතිව් දූපතත් මේ වෙනකොට ඉන්දියාව අපෙන් අරගෙන ඉවරයි.
ඉන්දියාවේත් කොන්ද කෙලින් තියෙන අය ඉන්නවා වගෙඉ...
ඉන්දියාවේත් යමක් තේරුම් ගන්න පුළුවන් නායකයොත් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා එහෙනං...
අවසානයට තේරුම් ගත්තෙක ලොකුදෙයක්.
මෙතුමියට මගේ ප්‍රණාමය ඇත්ත කතාකිරීම ගැන. අද තාක්ෂණයෙන් මේ අත්අඩංගුවට ගැනීම් වැරදිද? නිවැරදිද? කියලා ලෙහෙසියෙන් දැනගන්න පුළුවන්. රනිල් හිතන විදියට කලින් පාලකයා හිටියා නම් කච්චතිව් දූපතත් අපිට නැතිවෙලා. එත් අපිට දැනෙන විදියට නම් කලින් පාලකයා නොහිටියා නම් අපිට ලංකාවම නැතිවෙලා මේ වෙනකොට....
ලංකාවේත් මේ වගේ නායකයෝ බිහි වෙන්න ඕනෑ...
හිටපු තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතාට වගේ මසුන් මරණ බෝට්ටු ඉන්දියා විදේශ ඇමැතිට නැති බව මින් පේනවා. ජයලලිතා මහත්මිය සිය ධීවර බෝට්ටු නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු කලාපයට එවා, ඒ අයගේ ධීවරයන් අපේ නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත්විට කෑ ගහන්න ගත්තා. ඉන්දීය මහරජයට පැමිණිලි කළා ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ කිරීම සඳහා! දැන් තිබෙන තත්වය අනුව, ඉන්දීය මසුන් මරන්නන් අපේ මුහුදු සීමා "ආක්‍රමණය" කිරීමට එවන්නේ නැත්නම් මොකද්ද තියෙන ප්රශ්නය? ශ්‍රී ලංකා මුහුදු තීරය රැක ගැනීමට අපේ නාවික හමුදාව ඇප කැපවී සිටින බව ඉන්දීය විදේශ ඇමතිණිය තේරුම් ගෙන තිබෙනවා !!!