(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා  ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවිය.

එහිදී රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මාර්තු 25 පැවති රැස්වීමේ ප්‍රගතිය පිළිබඳ ආචාර්ය ජයිෂන්කර් මහතා දැනුවත් කළේය.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව ඔවුහු ප්‍රකාශ කළහ.

රජයේ සහ ටීඑන්ඒ න්‍යාය පත්‍රයේ ඇති සියලුම අන්තර් ක්‍රියාවලදී ගැටළු සම්බන්ධයෙන් ඇති වූ ධනාත්මක වර්ධනයන් ආචාර්ය ජයිශංකර් මහතාගේ පැසසුමට ලක් විය.එක්සත් ශ්‍රී ලංකාවක් යන රාමුව තුළ ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ සමානාත්මතාවය,යුක්තිය,සාමය සහ අභිමානය වෙනුවෙන් ඉන්දියාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බව එස් ජයිශංකර් මහතා අවධාරණය කළේය.