චෙන්නායි හි දී ඉකුත් දා පැවති ශ්‍රී ලාංකා විරෝධී උද්ඝෝෂණයක දී පෙන් වු ඇතැම් දර්ශන කොටි සංවිධානයේ ඝාතන බව ද ශ්‍රී ලංකා හමුදාව එම ඝාතන සනාථ කළ බවට එන්.ඩී.ටී.වී . නාළිකාවෙන් පැවසුව ද ඒ ගැන විරෝදය පළ කළ බව ද විදේශ අමාත්‍යංශය එම නාලිකාවට දැන්වීය.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඉන්දීය එන්.ඩී.ටී.වී. නාලිකාවේ ප්‍රධානීන්ට එම විරෝදය පළ කළේය.
කැබිතිගොල්ලෑව බස් බොම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගිය දරුවා බදා ගෙන හඩා වැලපෙන පියාගේ ඡායාරූපය පෙන් වු එම නාලිකාව ශ්‍රී ලංකා රඡය විසින් කැරුණු සනාථයක් ලෙස එය ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියා කඩේ වටලපු දාට තමයි වැඩේ තියෙන්නේ.(නදී)
ගහන්නයි තියෙන්නේ (ස)
අපිට පුළුවන් මේ ගැටළු වලට මුහුණ දෙන්න සාර්ථකව (දී)
ඊලග සමුළුවට අපි චැනල් 4 වගේ අපිත් චැනල් 5 හරි දාලා කොටි කරපු ඒවයි ඉන්දියන් හමුදා ඇවිත් කොටි කෙල්ලන්ට කරපු දේවලුයි පොටෝ දැම්මනම් ඊලග පාර අපිට ඉන්දියාව ඡන්දේ දානවා.(නදී)
කොහොමත් අපිට විරුද්ධ බොහෝ දෙනා අනුන්ට කඩේ තමයි මෙච්චර කල් ගියේ. (නි)
කොටි ලාංකිකයින්ට කල දේවල් මතක නැද්ද (දී)
මේක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයිනේ. (නි)
මේකට නම් අපි නිකන් ඉන්න හොද නැහැ. (නි)
මොකද සිංහළුන් නිහඩ? අපි වැරදිද? (නි)
මේවාට අපි මොකුත් කියලා වැඩක් නැහැ. සත්‍යය ජය ගන්නවා කවදා හරි (දී)
ඉන්දියා රූපවාහිනිය නම් මොකක්ද? පාර්ගිමේන්තුවේ ඉන්න කොටි හුරතල්ලු පුසිද්දියෙම කඩෙි යන්නේ.(නදී)
කතා කරන්න එපා ඒ ගැන (දී)
මේවා ගැන ඊලග සමුළුවෙදිවත් තේරුම් කරන්න.(නදී)
වගකිවයුත්තන් නිදාගෙන සිටින්නේ ඇයිදැයි කියා මට නම් හිතාගන්න බැහැ. (නි)
ඔය වාගේ බොරු ප්‍රචාර දෙනවට රටත් හැටියට ඉන්දියාව ලැජ්ජා වෙන්න ඕනා.(නදී)
ශ්‍රීමතී ඔබ හරි. කමල් ඔබත් හරි. නිදාගෙන ඉන්න සිංහලයින් දැන්වත් නැගිටවි! එල්.ටී.ටී එකෙන් කරපු ඝාතන ප්‍රසිද්ද කරන්න ඔබටත් පුලවන්. අදාල තැන්වලින් පින්තූර ඉල්ල ගන්න.(නදී)
එහෙම නොයයි නමි තමයි පුදුමේ.(නදී)
හැම දෙනාම මතක තියාගන්න, මේ විරුද්ධකම් සියල්ල අපේ රටට එරෙහිවයි. එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ. (නි)
ඔයාලත් එහෙමනේ . ඔයාලා වගේ තමයී අනිත අයත් (ස)
අපේ රටේ උගත් බුද්දිමත් අය ඕනෑතරම් සිටිනවා නේද. ඇයි එම ආයතනයට කතාකරලා කිවේ නැත්තේ මෙය බොරුවක් අපේ ගාව නිවැරිදි තොරොතුරු තියෙනවා කියලා ඒ වෙලාවේම. දැන් ලෝකය අතලග වගේ තියෙන තාක්ෂනය යොදාගෙන යවන්න තිබුනනේ නිවැරිදි තොරතුරු එයාලට. එහෙමත් නැතිනම් ඒ රටේ තියෙන වෙනත් මාධ්‍ය ආයතනයකට නිවැරිදි තොරතුරු දෙන්න තිබුණා. මේ රටෙන් පිට අපේ රට ගැන වැරදි දෙයක් ප්‍රචාරය කරනකොටම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. එය නිවැරිදි කරන්න එයාලටම පහදා දීලා. එහෙම උනානම් අද අපිට මිට වඩා සතුරෝ මිතුරු කරගන්න තිබුණා කියන එක මගේ අදහස.(නදී)
මේ බොරුව ලොව වටා යවමු. එක් වන්න ෆේස් බුක් හරහා පටන් ගනිමු.(නදී)