මෙරට නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (02) පැවැසීය.
නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට දැනටමත් උපදෙස් දී ඇතැයි ද ඉදිරියේදී ඔවුන් නිදහස් කරනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
සාකච්ඡා පැවැත්වුණ ද ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවන ධීවරයන් අත්අඩංගුවට ගැනීම නොනවත්වා කරන බව ද අමරවීර මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කීවේ ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා ද එක් විය.
ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී නවදිල්ලි නුවරදී දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පැවැති අතර එහිදි පිහිටුවනු ලැබූ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ දෙවැනි සාකච්ඡාව මෙය විය. එම කමිටුවේ පළමු සාකච්ඡාව දෙසැම්බර් 31 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.
මහින්ද අමරවීර මහතා මීට පෙර කීවේ ඉන්දියාවෙන් අනවසරයෙන් ලංකා මුහුදු තීරයට ආ ට්‍රෝලර් යාත්‍රා කිසිදු හේතුවන් නිසා මුදා නොහරින බවයි. ඔහු මීට පෙර එම ස්ථාවරයේ දැඩිව සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හිතන්නේ ඒ තෑගී පෙට්ටියේ තියෙන්නේ වටිනා දෙයක්. පේනවා නේද මුහුණේ තියෙන හිනාව? (නි)
මෙයත් ඉතින් කතාව විතරයි වැඩක්නම් තම පිළවෙලකට කරගන්න බැරි වුණා..කොහොම වුණත් යථාර්තය ක්‍රියාවෙන්ම ඔප්පු කළාට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. (ම)
අයියෝ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
ඇමතිතුමනි, නිකන් බොරුවට කයිවාරු ගහන්න එපා, ඔහොම තීරණ වෙනස්වනවා නම්. මොකක්ද ඔයාට ඔය ලැබුණු ලොකුම ලොකු තෑගි පෙට්ටිය? (නි)
අපේ අයට ඉතින් හැමදේම මතක ටික දවසනේ. (නි)
කොහොමද ගහපු කයිවාරුව?මෙයාලා කියන ඒවා අපි නම් දැන් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ (නි)
මොකද දන්නෙ නැහැ එකපාරටම වෙනස්වුණේ? (නි)