ජාත්‍යන්තර සම්මාන දිනූ ඉන්දීය ජාතික චෙස් පුහුණුකරු දිනේෂ් ෂර්මා මහතා මෙහෙයවන චෙස් පුහුණු කඳවුරක් මේ මස 15 දා සිට 28 වැනිදා දක්වා කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘත්තිකයන් ගේ සංගම් ශාලාවේදී පැවැත්වේ.
ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගවලින් ශූරතාවන් රැසක් දිනා ඇති දිනේෂ් ෂර්මා මහතා චෙස් පුහුණුකරුවකු ලෙසද ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇත්තෙකි.
මෙම චෙස් කඳවුර සඳහා සහන ගාස්තුවක් අය කරන නමුදු ආබාධිත හෝ මුල්‍ය දුෂ්කරතා ඇති දක්‍ෂතා හෙබි පාසල් දරුවන්ට ඒ සඳහා නොමිලේ සහභාගි වියහැකි බව සංවිධායකයෝ පවසති. ඒ සඳහා පාසල් ප‍්‍රධානීන්ගේ නිර්දේශ අත්‍යවශ්‍ය වේ. වැඩි විස්තර 0727397939 හා 0714397939 යන දුරකථන අංකවලින් හෝ www.dksharma.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd