IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දීය පිතිකරු හමුදාවේ ‘පවුර’ ද්‍රාවිඞ් අන්තර්ජාතික පිටියෙන් සමුගනී

තමන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු වන රාහුල් ද්‍රාවිඞ් පසුගිය සිකුරාදා පැවසීය. කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය ගන්නා විට ද්‍රාවිඞ් 39 වැනි වියේ පසුවිය. ”නව පරම්පරාවකට කී‍්‍රඩා කිරීම සඳහා දැන් අප අයින් විය යුතු කාලයයි” යයි සිය සමුගැනීමේ නිවේදනය ප‍්‍රකාශයට පත්කරමින් රාහුල් ද්‍රාවිඞ් පැවසීය. වසර 16 ක කාලයක් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ මෙම අලංකාර දකුණත් පිතිකරුවා ලෝකය පුරා හඳුන්වන ලද්දේ ඉන්දීය පිලේ ‘පවුර’ ලෙසිනි. පිටියට පිවිසි පසු තමාගේ කඩුල්ල දවාගැනීමට ලෙහෙසියෙන් ඉඩ නොදෙන රාහුල්ගේ පිතිහරඹ රටාව ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබීමට ප‍්‍රධානතම හේතුව විය. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ වන විට දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන ද්‍රාවිඞ් ටෙස්ට් තරග 164 කදී ලබාඇති ලකුණු සංඛ්‍යාව 13,288 කි. ටෙස්ට් ශතක 36 ක් ලබා ඇති ද්‍රාවිඞ්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 52.31 කි. ”මා ඉන්දියාව වෙනුවෙන් කී‍්‍රඩා කළේ ඉතාමත් සුන්දර වකවානුවකයි. මගේ කණ්ඩායම් සගයෝ බොහෝ දෙනෙක් මේ වන විටත් පුරාවෘත්ත බවට පත්වෙලා” යයි එක්දින ලකුණු 10,000 කඩයිම පසුකිරීමට සමත් වූ කී‍්‍රඩකයන් 10 දෙනාගෙන් අයකුද වන ද්‍රාවිඞ් පැවසීය. ශී‍්‍ර ලංකා පිලට එරෙහිව 1996 දී සිංගප්පූරුවේදී සිය පළමුවැනි එක්දින තරගයට සහභාගි වූ ද්‍රාවිඞ් එක්දින තරග 344 කදී ලකුණු 10,889 ක් ලබා ඇත. කෙසේ වෙතත් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 තරගාවලියේදී රාහුල් ද්‍රාවිඞ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.  



අදහස් (0)

ඉන්දීය පිතිකරු හමුදාවේ ‘පවුර’ ද්‍රාවිඞ් අන්තර්ජාතික පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site