නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කෝවිලන් මුහුදු ප්රදේශයට වයඹ දෙසින්, නාවික සැතපුම් 9 ක් පමණ වූ ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සමග ඔවුන්ට අයත් යාත්රාවක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගත් ධීවර යාත්රාව සහ අනෙකුත් ආම්පන්න එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් පසුඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂකටභාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd