නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි බව කියන ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදේදී නාවික හමුදාවේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක අධිකාරිය කියයි.

ධීවර යාත්‍රා දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ සඳහා ඔවුන් යාපනයේ ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.