ඉන්දු -ලංකා ධීවර ගැටලුව සුහදශීලි ලෙස විසඳා ගැනීමේ අරමුණින් තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් සිව්දෙනකු (9) දිවයිනට පැමිණි බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
පෝක් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවීමේ දි ඉන්දීය ධීවරයින්ට මුහුණපෑමට සිදුවන ගැටලු ගැන රජයේ බලධාරින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන් සමග ඔවුන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එන්.ඩී.හෙට්ටිආරච්චි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ගැටලුවක් නැහැ ලංකාවේ මුහුදට එන්න එපා. එච්චරයි (නදී)
අපේ මුහුදු තිරයේ කිසිවිටකත්, ඉන්දීය ධිවරයින්ට මාළු අල්ලන්නට ඉඩදීමට නම්‍යශීලි වන්න නම් එපා.(නදී)
කරදර වෙන්න දෙයක් නැහැ. සීමාවට ඉලෙක්ට්‍රොනික් වැටක් දමන්න. කාටත් සාධාරනයි.(නදී)
කක්ෂයක් වටා දුවන අභ්‍යවකාශගත ලෝක බෝලයට මොන සිමා මායිම්ද යාළුවා? පුහුදුන් මිනිසුන්ට නොතේරන බණත් මේකනේ! මේකට මොනවාහරි වුණොත් ආගම් ,ජාති,කුල ගෝත්‍ර, කලාප කියලා බේදයක් නැතුවම සමස්ත මිනිස් , සත්ව , පරිසර කියන මේ සියලුදේම වැනසිලා යනවා. ඒකනිසා අපි දෙගොල්ලොම එකතුවෙලා හැමෝටම පිළිගන්න පුළුවන් විසඳුමකට ආවොත් නරකද? මොකද මේකෙන් තැළෙන්නේ එදා වේල හොයාගෙන කන පොඩි එවුන්මයි නේද? මේ මගේ අදහසට උරණ නොවේවා! (නි)
ගැටළුවක් නැත. තමාගේ සිමාවේ මාළු ඇල්ලුවා නම් ඉවරයි.ඉන්දීය ධීවරයන්ට ගැටළු තිබේ නම් ඉන්දියා බලධාරීන් දැනුවත්කර විසඳා ගන්න (නි)
ලංකාවේ මිනිස්සු ලංකාවේ මුහුදේත් ඉන්දියාවේ මිනිස්සු ඉන්දියාවේ මුහුදේත් මාලු ඇල්ලුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ ? මේ ගොල්ල හදන්නේ අවරුදු 30 යුද්දෙන් බැටකාපු උතුරේ අහිංසක ධිවරයාගේ බඩට ගහන්න . ලංකාවේ දෙමල මිනිස්සු ගැන බොරුවට කිඹුල් කඳුළු හෙලන තමිල්නාඩු නායකයෝ මේ ප්‍රශ්නෙදි ඉන්නේ බෝට්ටු මුදලාලිලාගේ පැත්තේ (නදී)
ඡයා, මේකේ ගැටලුව තියෙන්නේ මේ ඉන්දියන් ධීවරයින් යොදාගන්නා තහනම් පන්නක්‍රම. එයින් ඔවුන්ගේ මතස්‍ය සම්පත වැනසිලා ඉවරයි. (නදී)
මේ ප්‍රශ්නය විසඳන්න තිබෙන හොඳම ක්‍රමය ඉන්දු ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව මුහුදු සිමාවේ මුර සංචාරක සේවයක් ඇරඹීමයි (නි)