(යොහාන් භාසුර)

ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය මුදලට සම්බන්ධ ගිවිසුම අද (2) පස්වරුවේ අස්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ගිවිසුමට අස්සන් කරන අතර ඉන්දියානු පාර්ශවයෙන් එරට ආනයන සහ අපනයන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අස්සන් කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ශවය එයට අස්සන් කර ඉන්දියාවට යොමු කරන බව ද සඳහන් කළේය.