(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට යාපනයට පැමිණ අනවසරයෙන් විවිධ රැකියාවල නිරතවෙමින් යාපනයේ රැඳී සිටි බව කියන ඉන්දීය ජාතිකයින් 27 දෙනකු අද (20) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කරනු ලැබූ විශේෂ සෝදිසි වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට පත්වී ඇත.
මේසේ අත්අඩංගුවට ගත් 27 දෙනාගෙන් එක් අයෙකු විද්‍යාවේදී උපාධිදාරියකුද වන බවද කියැවේ.එම පිරිසෙන් 19 දෙනෙකු යාපනයේ තැනින් තැන සාස්තර කීමේ නිරත වී ඇතැයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් පෙනෙනවා නේද? කවුද ආව කල්ලිය කෙලින් කරලා ගත්තේ කියලා. රනිල් මහත්තයෝ ඔය කොච්චර විශ්වාසයෙන් උන්නත් ඔයාට කොයි තරම් හොඳ මූණ පෙන්නගෙන උන්නත් මෙයාලා ඔයාට රට ගෙනියන්න ඉඩතියන්නේ නැහැ. එකපාරක් අපට බබා පෙන්නලා අපිව බිල්ලට අරගෙන එයාලා ඇමෙරිකානු වෙළඳපොළට ඇතුළු වුණා. මේ පාර හදන්නේ පොරොන්දු වුණු විදියට ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීම වලක්වන්න ක්‍රමයක්. ප්රභාකරන් ඉන්න කාලේ උතුරේ උදව්ව ගන්න කෝල් කරන්න වුණේ ප්රභාකරන්ට වුණාට දැන් කෙලින්ම ඉන්දියාවට? එදා ඔබගේ රජයක් පැමිණෙන තුරු මස් රාත්තලම ඉල්ලුවේ ප්රභාකරන් අනිත් පක්ෂවලින්. නමුත් මෙදාපාර උතුරේ පක්ෂ මස් රාත්තලම ඉල්ලන්නේ එහෙන් කියන විදියට ඔබේ රජය විනාශ කරන්න. ඒ ගොල්ලෝ කියන විදියට තව තූත්තුකුඩියට නැව් ගමන් පටන් අරන්, ආදම්ගේ පාලමත් හදලා ගත්තාම එ්කට එක භටයෙක් දැම්මත් එන අය අල්ලලා ඉවර කරන්න බැරිවෙනවා.
අපේ ලංකාවෙ ආගමන නීති ඉතා ලිහිල්. පරික්ෂා කිරීම් කෙරෙන්නේම නැති තරම්. ඉතින් මේ අය ඇවිත් කාලයක් ඉදලා විවාහයකුත් කරගෙන මෙහෙම පදිංචි වෙනවා. ලංකාව ඉන්දියන් කොලනියක් වෙන එක වෑඩි ඈතක නොවේ.
වෙනසක ඇරබුම.
අපිට අගයක් නැති වුණාට ඉන්දියාවේ අය හිතාගෙන ඉන්නේ අපේ රට ඕස්ට්‍රේලියාව, ඉතාලිය වගේ රටක් කියලා.. ඒකයි හොරෙන් ඇවිත් රස්සාවල් කරන්නේ ...
ආගමන, විගමන නිලධාරීන්ට කියන්න හෙට්ටිවීදියට ගිහින් පරීක්ෂා කරන්න කියලා. වීසා නැතිව ඉන්න ඉන්දියන් කාරයෝ ලොරියකට ගෙන ආ හැකිය.