
අසාධ්‍ය රෝගියකු රැගෙන අධික වේගයෙන් රෝහල බලා ධාවනය වෙමින් තිබූ ඉන්දීය ගිලන් රථයක් බිහිසුණු ලෙස අනතුරට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
ගිලන් රථය අනතුරට ලක් වන්නේ අධික වේගයෙන් පැමිණෙද්දී, තෙත මාර්ගයේ ලිස්සා යෑමෙනි. ගිලන් රථයේ රියදුරා ද ඇතුළු සිවු දෙනකු සිටි අතර, ඔවුහු අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.
ගිලන් රථය අනතුරට පත් වූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේය. අනතුර සීසීටීවී කැමරාවක සටහන් වුණු අතර ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ එම දසුන් පෙළය.
(ඩේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd