කළුවන්චිකුඩි - කළුදාවලෙයි මුහුදේ දී ගුවන් යානයක යැයි සැකකරන අඩි 15 ක් දිගැති කොටසක් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි.

පාසිකුඩා වෙරලේ සිට කිලෝ මීටර හතක් දුරින් දිගු කලක් දක්නට ලැබුණු එම කැබැල්ල පිළිබඳ පරීක්ෂාවක් කළ  නාවික හමුදාව  එය අද (23) ගොඩට ගත්තේය. ඉන්දීයා වෙරළ ආරක්ෂක නිරික්ෂණ යානයක් මීට මාස කිහිපයකට පෙර පෝක් සමුද්‍ර සන්ධිය පැත්තෙන්  පියාසර කරද්දී අතුරුදහන් විය. මෙතෙක් එම යානය ගැන කිසිදු තොරතුරක් ලැබී නැත.  

එය ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට රැගෙන යාමට කටයුතු කර ඇත.

2008/2009 යුද සමයේ රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක් කිලාලි කලපුවට ඉහළින් පියාසර කරද්දී කොටි මිසයිලයකින් කඩා වැටුණු බව ඒ දිනවල වාර්තා විය. එම යානයට කුමක් වූයේ දැයි මෙතෙක් සොයාගෙන නැත.

 

S9920007 S9920009 S9920013 S9920015 S9920016 S992001312345

ඡායාරූප - ජවුෆර් ඛාන්