තරුණ කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතාත්, මහේන්ද්‍ර සිං දෝනිගේ පරිණත නායකත්වයත් හේතුවෙන් ඉන්දියානුවෝ ශූරයන්ගේ කුසලාන දිනාගත්හ. ඒ මතුපිටින් පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. එහෙත් අභ්‍යන්තරයෙන් ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව නොසිතූ විරූ අර්බුදයකට මුහුණ දී තිබේ.
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ටත්, කී‍්‍රඩාවේ පරිපාලන නිලධාරීන්ටත් යටි සිතින් සිනාසෙන්නෝ එමටය. ප‍්‍රධානතම හේතුව අයි. පී. එල්. හෙවත් ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියයි. අවසන් වරට පැවැති අයි. පී. එල්. තරගාවලියේ අවසානය ආසන්නවෙත්ම ඇතිවූ තරග අවස්ථා පාවාදීමේ සිද්ධි සහ අනුයාත සිදුවීම් මාලාව දිනෙන් දින නවමු පුවත් මවමින් කි‍්‍රකට් කී‍්‍රඩාවට කැන්දාගෙන ආවේ වංචාවේත් අපකීර්තියේත් දැවැන්ත සෙවණැල්ල මිස අනෙකක් නොවේ.
දූෂකයන්ගේ ලයිස්තුව එන්න එන්නම දික්වෙමින් පවතී. එය ඇදහිය නොහැකි පුද්ගලයන්ගේ නම්වලින්ද සමන්විතය. කි‍්‍රකට් කී‍්‍රඩාව සහ මැර තක්කඩියන්ගේ පාතාළය අතර ඇති සම්බන්ධතාවේ මුල්, මුම්බායි සහ නවදිල්ලි නුවර සිට ඩුබායි දක්වාම විහිදී තිබේ.
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ මෙන්ම පරිපාලන නිලධාරීන්ගේත් පැටිකිරිය සොයා අපරාධ විමර්ශනයේ නියුතු පොලිස් නිලධාරීන් දැල් එලූ කාලයක් ඉතිහාසයේ කවර හෝ දිනෙක හෝ තිබූ බවක් නැතහොත් කි‍්‍රකට් කී‍්‍රඩාව මේ තරම් දරුණු අර්බුදයකට මුහුණ දුන් බවක් කිසිවෙක් නොදනිති.
බොලිවුඞ් නළු නිළියන්, ඉහළම තලයේ ව්‍යාපාරිකයන් මෙන්ම වෙනත් ක්‍ෂේත‍්‍රයන්හි මුදුන් හිණිපෙත්තේ වැජඹෙන්නන් පිරිවරාගෙන, වසර කිහිපයකට පෙර අයි. පී. එල්. තරගාවලිය ආරම්භ වූයේ විනෝදාස්වාදයේ වේදිකාවක් ලෙසිනි. එය මේ තරම් ඉක්මනින් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පාලනයෙන් ගිළිහේවි යයි එහි නිර්මාපයකයන් වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන් කිසිවකු සිහිනෙනුදු නොසිතන්නට ඇත. එහෙත් ඇත්ත වශයෙන්ම දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.
කි‍්‍රකට් කී‍්‍රඩාව තවදුරටත් මහත්වරුන්ගේ කී‍්‍රඩාවක් හෝ අවිනිශ්චිත කී‍්‍රඩාවක් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩකයන් එහි ඉත්තන් පමණි. කි‍්‍රකට් වෙනුවෙන් සල්ලි වීසි කරන්නන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට ඔවුන්ට සිදුවී තිබේ. එසේ නොකළහොත් කී‍්‍රඩකයන්ගේ ඉරණම කුමක් වේද යන්නත් කිසිවකුට කිව නොහැකිය.
අයි. පී. එල්. තරගාවලියේදී මුදලට තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට රාජස්තාන් රෝයල්ස් පිලේ එස්. ශී‍්‍රසාන්ත් ඇතුළු කී‍්‍රඩකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම එකකි. එහෙත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිලේ හිමිකරු රාජ් කුන්ද්‍රා පොලිසියට කැඳවීමත් ඇතැමෙකුට අදහාගත නොහැකි විය. රාජ් කුන්ද්‍රා යනු බොලිවුඞ් නිළි ෂිල්පා ෂෙට්ටිගේ සැමියාය.
ඉන් අනතුරුව පැවැති සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ දේ ලියැවී තිබේ.
අයි. පී. එල්. යනුවෙන් ලෝකය පුරා හඳුන්වනු ලබන කි‍්‍රකට් තරගාවලියේ ඉංගී‍්‍රසි භාෂාවේ විස්තාරණය වන්නේ ෂබාස්බ ඡුරුපසැර ඛැ්ටමැ හෙවත් ඉන්දීයානු ප‍්‍රධානතම (කි‍්‍රකට්) ලීගය යන්නයි. එහෙත් සති කිහිපයකට ඉහතදී ඇතිවූ සිදුවීම් මාලාවත් සමගින් අයි. පී. එල්. යන්නට වෙනත් අර්ථකතන දීමටද ඉන්දීය මාධ්‍ය පසුබට නොවේ.
ඉන්දියාවේ සුප‍්‍රකට කී‍්‍රඩා ස`ගරාවක් වන ‘ස්පෝට්ස්ටාර්’ සගරාව එක් කලාපයක කවරයේ කතාව ලීවේ අයි. පී. එල්. යනු ෂබාස්බ ඡුමබඑැරි ඛැ්ටමැ යනු ඉන්දියානු සූදු අන්තුවන්ගේ ලීගයද? යයි විමසමිනි. ඉන්දියාවේ හොඳ අලෙවියක් ඇති ‘ෆ‍්‍රන්ට්ලයින්’ සගරාව සිය අලූත්ම කලාපයේ කවරයේ කතාව ලියන්නේ අයි. පී. එල්. යනු ෂබාස්බ ඡුරදසෙඑැැරි. ඛැ්ටමැ යනු ඉන්දියානු ලාබ ලබන්නන්ගේ ලීගයද යන පැනය ඉස්මතු කරමිනි.
සියලූ තත්ත්වයන් මෙසේ තිබියදී ඉන්දියාවේ ව්‍යාපාරික ආයතන කිහිපයක් පවසන්නේ ඉන්දියාව තුළ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔට්ටු දැමීම නීතිගත කළ යුතු බවයි. නීති විශාරදයන් කිහිපදෙනකුගේද අදහස් කැටිකරමින් සම්පාදනය කරනු ලදුව, ඉන්දියාවේ කර්මාන්ත සහ ආයෝජන මණ්ඩල සම්මේලනය විසින් ඉන්දීය කී‍්‍රඩා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියකින් දැක්වෙන්නේ ඔට්ටු දැමීම කී‍්‍රඩාව සඳහාත් නීතිගත කළ යුතු බවයි.
ගණන් බැලීම් අනුව කී‍්‍රඩා තරග සඳහා ඔට්ටු දමන්නන් අතරේ හුවමාරුවන මුදල් ප‍්‍රමාණය වසරකට ඉන්දීය රුපියල් කෝටි 300,000 කි. එය ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 600,000 ඉක්මවන්නකි. එහෙත් පන්ජාබ් ප‍්‍රාන්තයේ හිටපු අගවිනිසුරුවරයකු වන මුකුල් මුද්ගල් මහතා පවසන පරිදි මෙම ඔට්ටු දැමීම් සිදුවන්නේ නියමිත කි‍්‍රයා පටිපාටියකට අනුව නොවේ.
මෙම ඔට්ටු දැමීම සෘජුවම සම්බන්ධ වී සිටින්නේ පාතාළයේ කිරුළු පළන් මැරයන්ය. එබැවින් ඔට්ටු සඳහා වීසිකෙරෙන මුදලින් වැඩි පමාණයක් යොදවන්නේ අපරාධ මෙහෙයවීම සඳහාය.
සිය ඔට්ටු දිනා ගත්තද සූදු අන්තුවන්ට ඒවා ලබාගත හැකිවන්නේ ඔට්ටු බාරගන්නන්ගේ (බුකිකරුවන්) ළතෙත් බව මත පමණි. ඒ හැරෙන්නට තමන්ගේ ජයග‍්‍රාහී මුදල් ලබාගත හැකි වෙනත් කිසිම නිත්‍යානුකූල ක‍්‍රමයක් ඔට්ටු දමන්නන්ට නැත. එහෙත් ඔට්ටු බාරගන්නන්ගෙන් ආදායම් බදු අය නොකිරීම නිසා ඉන්දීය රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව අහිමිවන මුදල ඉන්දීය රුපියල් කෝටි 12,000 ත් කෝටි 20,000 ත් අතර ප‍්‍රමාණයක් බවටද ගණන් බලා තිබේ.
කෙසේ වෙතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විශ්වාසනීයත්වයත්, කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රතිරූපයත් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් පිටකොන්දක් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන් සතුවේද යන්නත් ඇතැමෙක් ප‍්‍රශ්න කරති.
එන්. ශී‍්‍රනිවාසන් යනු ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පමණක් නොවේ. අයි. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හිමිකරුවාද වෙයි. එහෙත් ශී‍්‍රනිවාසන් ලැදියාව පිළිබඳ ගැටුම ඉස්මතු වන සෑම තැනකදීම ම`ගහැර යයි.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්ද ශී‍්‍රනිවාසන් මහතාට දැඩි සහයෝගයක් ලැබෙන අතරම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රතිවාදී පිලක් පෙනෙන තෙක් මානයේවත් නැත.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කි‍්‍රකට් කමිටුවේ දීර්ඝකාලීන සාමාජිකයකු මෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ අන්තර්ජාතික සංගමයේ ප‍්‍රධාන විධායක නිලධරියා ලෙසින්ද කටයුතු කළ ටිම් මේ මහතා කි‍්‍රකට් නිලධාරීන් සමග දිගින් දිගටම පැවැති ගැටුම් හේතුවෙන් පසුගිය 13වැනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
”පිට්ටනියේ වගේම ඉන් පිටතදීත් දූෂණ සහ වංචා සම්බන්ධ සිදුවීම් එන්න එන්නම වැඩිවෙනවා....කී‍්‍රඩාවේ කොටස්කරුවන් හැටියට අප අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ ප‍්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි නායකත්වයයි”
”එහිදී ඉතාමත් වැදගත් වන්නේ නිලධාරීන් සිය ප‍්‍රතිපත්ති වලට අනුගත වෙමින් දියයුතු ආදර්ශයයි. ඒත් අවාසනාවකට වගේ කි‍්‍රකට් කී‍්‍රඩාව මේ ප‍්‍රතිපත්ති වලින්, විනිවිදභාවයෙන් වගේම වගවීමෙන් දුරස් වෙමින් සිටිනවා” යයි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත්කරමින් ටිම් මේ පැවසීය.
”තර්ජන, බියවැද්දීම් සහ හොර ගනුදෙනු වලින් යැපෙන, දැන් පවතින ක‍්‍රමවේදයේ හැටියට, මේ ලෝක ව්‍යාප්ත කී‍්‍රඩාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීම පිළිබඳවත්, එහි ස්වාධීනත්වය පිළිබඳවත් තවදුරටත් බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයට පත්වෙමින් තිබෙනවා” යයිද ටිම් මේ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් ඇතුළත් කළේය.
ටිම් මේ මහතා වෙනුවට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පත්කරන ලද නියෝජිතයා වූ ලක්‍ෂමන් සිවරාමකි‍්‍රෂ්ණන් ටෙස්ට් තරග 9 ක් පමණක් කී‍්‍රඩා කළ රූපවාහිනී විස්තර කථකයෙකි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සුදුසුකම් සමග සසඳා බැලීමේදී සිවරාමකි‍්‍රෂ්ණන් දුර්වලයකු සේ සැලකෙන නමුත් ඔහු ශී‍්‍රනිවාසන් මහතාට බහුතර කොටස් ප‍්‍රමාණයක් හිමි ‘ඉන්දියා සිමෙන්ති’ සමාගමේ සේවකයෙකි.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සෑම තීරණයක්ම ගනු ලබන්නේ ශී‍්‍රනිවාසන් මහතාය. සෙසු සාමාජිකයෝ එම තීරණ සම්බන්ධයෙන් මුනිවත රකිති.
”මේ සේරමලා ඔහුගේ පදයට නටන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ” යයි ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු මෙන්ම හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකුද වන කීර්ති අසාඞ් පවසයි.
”ඒක හරියට ගජමිතුරු සමාජයක් වගේ” යයි ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන චේතන් චවුහාන් මහතා පවසයි.
මුදලට තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මුල් පුටුව හැරයාමට ශී‍්‍රනිවාසන් මහතා කොන්දේසි දැමීය.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම්රයා වන සන්ජේ ජග්දේල් සහ භාණ්ඩාගාරික ඉල්ලා අස්වීමෙන් ලද පීඩනය මත ශී‍්‍රනිවාසන් මහතා තාවකාලිකව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වූවද ජූනි මස 25 වැනිදා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික රැුස්වීමට සහභාගි වීමේ අවස්ථාව තමන්ට හිමිවිය යුතු යයි කියා සිටියේය.
වාද විවාද මධ්‍යයේ ජුනි 25 දා ලන්ඩන් නුවරදී පැවැත්වෙන රැුස්වීමට සහභාගිවීම සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අනුමැතිය එහි තාවකාලික සභාපතිවරයා වන ජග්මෝහන් දල්මියා මහතාට ලැබුණ නමුත් ද හින්දු පුවත් පත වාර්තා කරන්නේ ශී‍්‍රනිවාසන් මහතා ලන්ඩනයට යන්නේද නැද්ද යන්න දල්මියා මහතාවත් නොදන්නා බවයි.
මෙයින් කියැවෙන්නේ අයි. පී. එල්. තරගාවලිය සහ පොදුවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සහ එහි ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති දරුණු ඉරිතැළීමයි. මෙම ඉරිතැළීමේ සෘජු බලපෑම එල්ලවන්නේ සමස්ත ලෝකයේම කි‍්‍රකට් කී‍්‍රඩාවට මිස අනෙකකට නොවේ. මක්නිසාද යත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ විශාලතම වෙළඳපොල ඇත්තේ ඉන්දියාවේ වන බැවිනි.
එවන් තත්ත්වයකදී පොදු පේ‍්‍රක්‍ෂකයා කී‍්‍රඩාව අතහැර ගියහොත් කිසිදු තර්කයකින් තොරවම අනුග‍්‍රාහකයන්ද කී‍්‍රඩාව අතහැර යනු නිසැකය.
ඉන්දියානු කි‍්‍රකට් කී‍්‍රඩාව තීරණාත්මක කඩයිමකට එළැඹ සිටී. එහෙත් කි‍්‍රකට් යනු ඉන්දියාව නොවේ. ඉන්දියාව යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ එක් වේදිකාවක් පමණි.
මෙවන් අර්බුද හමුවේ නැගී සිටීමට තරම් සවිමත් යටගියාවක් ‘කි‍්‍රකට්’ නම් වූ ඒ අපූර්ව කී‍්‍රඩාව සතුව ඇත. එසේ නොවූයේ නම් ‘ටෙස්ට්’ කි‍්‍රකට් කී‍්‍රඩාව වසර 136 ක කාලයක් පුරා නොපවතිනු ඇත.
ෆ‍්‍රන්ට්ලයින්, ස්පෝට්ස්ටාර් සහ ඉන්දීය පුවත් පත් ඇසුරිනි
සැකසුම : දමින්ද විජේසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියත් හැමදාම ඉන්දියාවට පරදින්නේ බුකිකාරයින්ගේ රහස නිසාද දන්නේ නැහැ (නි)
මේකට රැවටෙන්න එපා. අපි කියන්නේ නැහැ අයි.පී.එල්. සෙල්ලම් කරන්න එපා කියලා. අපි අපේ ටීම් එකට කවදත් ආදරෙයි. ඒ හින්දනේ අපි මැච් බලන්නේ. රටක් විදිහට අපේ හිත් රිද්දන්න එපා (නි)
ඉන්දියාව සුද්දගේ ක්‍රිකට් විකුණලා හම්බ කරනවා, තරගාවලි දිනනවා, ලෝක කුසලාන ගේනවා, අයි.පී.එල් ක්‍රීඩා සැණකෙළි පවත්වනවා.......ශ්‍රී ලංකාව ???? (නි)
අපේ අය ඉන්දියාවට බයයි. ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මොන කතාද ? (නි)
හොදම දේ අපේ කණ්ඩායම මෙයට සහභාගි නොකරවීමයි.අයි.පි.එල් නොගියා නම් අද ඉන්දියාව ලබාගන්න හැම ජයක්ම හිමිවිය යුත්තෙ අපටයි.අපේ අය මුදලට ගිජුයි. (නි)
ඉන්දියාවේ අයට හොද පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
ඉන්දියාව තමයි සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම විනාශ කළ රට.ඒක ආයෙත් කතා දෙකක් නෑ.ඉන්දියාව අයි.පී.ඒල් වලට විදෙස් රටවල්වල දක්ෂ ක්‍රීඩකයො ඔවුන්ගෙ කණ්ඩායම්වලට වැඩි මුදලට අලෙවි කළේ ඒගොල්ලන්ට තියෙන ආදරයට නෙමෙයි.ඔවුන් තුළ තිබෙන සුපිරි දක්ෂතා ඉන්දියාව හදුනාගෙන ඒවාට ඉදිරියේදී සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කරන එක තමයි මූලිකවම කළේ.ඒ හින්දමයි 2011 වර්ල්ඩ් කප් එක වගේම,2013 ශූරයන්ගේ කප් එකත් ගන්න පුළුවන් වුණේ. (නි)
දවසක මේ හොර බොරු වංචා එළිවෙනවා.මේ වංචා වෙන්නේ අයි.පී.එල්. බිස්නස් එක එක්කම තමයි. (නි)
දැන් ගාන්ධි ලා නෑ, ඔවුන් ලෝක ක්‍රිකෙට් ක්‍රීඩාවටම ගොම ගානවා.(නදී)
මම නම් දකින්නේ ඉන්දියන් කණ්ඩායමේ ක්‍රීඩා සදාචාරයක් නැහැ (දී)
ඉන්දියාව ගැන පැත්තක තියලා ලංකාවේ අපේ අයට වෙච්ච දේ හොයන්න. (නි)
මේක හොඳට තේරෙනවා අපේ අය සෙමි ෆයිනල්ස් ප්ලේ කරපු විදිහ බැලුවම ඉන්දියාව එක්ක.මෙන්න අපේ 1996 වර්ල්ඩ් කප් දිනපු රටේ හැටි... (නි)
නදී , ඉන්දික ඔය දෙන්නම හරි. (නි)
ස්තුතියි. මම කියන්නේ අපේ අයගේ සහ නායකයාගේ අතර අවබෝදය මදි. නායකයට හොඳ කණ්ඩායමක් වගේම, කණ්ඩායමට හොඳ නායකයෙක් ඕනෑ. මේ දෙක හොඳට ගැලපුන හැම වෙලාවකම අපි සාර්ථක වුනා මතකද? (නි)
අපේ ක්‍රිකට් දියුණු කරන්න අපේ අය ඉන්දියාවේ ක්‍රිකට් වැනසෙනකන් බලන් ඉන්නවා , හරියට ජාතික ප්‍රශ්න වලට බටහිර රටවල් වලට දෙහි කපනවා වගේ. (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විදිහට ගෞරවයට පත් වෙලා තිබුන ක්‍රිකට් ක්‍රීඩාවට අද මොකද වෙලා තියෙන්නේ.ඉන්දියාව කරන මේ ජාවාරම් මේකට ගොඩක් හේතු වුනා (නි)
ඇත්ත තමයි යෂ්මාල් කියන්නේ. ඉන්දියාව පරාජය ඉදිරියේ සැලෙන රටක්. මේ නලු නිලියෝ, ව්‍යාපාරිකයෝ කළේ යෂ්මාල් කියපු දේ තමයි. අපේ ලංකාවේ අයට මේ ඇත්ත දැන් දැන් තේරෙනවා ඇති. ඉන්දියාව එක්ක අපි අවසන් තරගයට ආවත් ජයග්‍රහණය මේ තත්වය යටතේ විශ්වාස කරන්න බැහැ. අයි.පී.එල් වලදී අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වට්ටන්න ඉන්දියාව මොනතරම් දේවල් කළාද? එදා අර්ජුනලා, සනත්ලා, අරවින්දලා රට වෙනුවෙන් කැප වුනා වගේ මේ අයත් කප් එකක් දිනන්න නම් මුදල් පසු පස හඹා යාම මදකට නවතන්න වෙනවා.(නදී)
අපේ දක්ෂ ක්‍රීඩකයන්ව මේ සුදු අන්තුවාලගෙන් බේරගන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට බැරි වෙන එකක් නැහැ (නි)
ඕක තමයි කියන්නේ බොරුව වැඩි කාලයක් පවතින්නේ නැහැ කියලා... (නි)
ඉන්දියාවේ ඉරිතලලා , අපේ කුඩා වෙලානේ ඒ ගැන මොනවත් ලියන්න කෙනෙක් නැද්ද ?(නදී)
ඉන්දියාවේ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කරන්න අපිට ඕනෑ නැහැ.වර්තමානයේ ඔවුන් ප්‍රබල කණ්ඩායමක්.අපේ ටීම් 1 1996 පස්සේ කාලේ වගේ,මෙතරම් ප්‍රශ්න තිබිලත් ඔව්න් ලෝකය ජයග්‍රහණය කරනවා පහසුවෙන්ම. කොහොම නමුත් කොදෙව් වලදී ඉන්දියාවට එක මැච් එකක් හරි අපේ ටීම් 1 ගහයි කියල හිතනවා (නි)
අයි.පී.එල්. නිසා අපිට මේ කප් 1 ගන්න බැරි වුනා කියන එක වැරදි මතයක්.අයි.පී.එල්. ටීම් එකකටවත් ක්‍රීඩා නොකරපු පාකිස්තානය තමයි එහෙනම් කප් 1 ගන්න ඕනෑ. ඔව්න් අපිටත් කලින්ම ගෙදර ගියා.ඔවුන් තරගාවලියට සෑහෙන කලින් එංගලතයට ඇවිත් පුහුණු තරග කීපයකටම සහබාගි වුනා. නමුත් කලින්ම ගෙදර , ඒකයි ක්‍රීඩාවේ හැටි (නි)
මෙහෙමත් දෙයක් තියෙනවා. මං ඉන්දියාවට කහිනවා නෙවේ. නමුත් අද ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගත්තම ඔවුන් ඇත්තටම දක්ෂයි (2011 ලෝක කුසලානය දිනූ කණ්ඩායම නෙවේ, 2011 නම් අපේ ටීම් එකට ගහන්න කවුරුත් හිටියේ නෑ. ඒ ගැන කතා නොකර ඉමූ) මුල් ඕවරයේම විකට් 4ක් ගියත් තරඟය ගොඩගන්න තරම් ශක්තිමත් මැදපෙලක් අද ඉන්නවා. පන්දු යැවීමත් එහෙමයි. මොනා වුනත් ශර්මා, දවාන්, රයිනා, කෝලි, ජඩේජා, අශ්වින් වගේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා හෑල්ලු කරන්න බෑ. අයි.පී.එල් තුලින් හෝ ඔවුන් තම රටේ දක්ෂයින් ඉදිරියට ගේනවා. නමුත් අපේ රටේ එය සිදුවෙනවද කියන එක ලොකු ගැටලුවක්. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුව ලංකාවේ අයියලා හිටියානම් සිදුවන දූෂන වංචා ටික හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් එකටත් බැරිවෙයි. ඔන්න ඕකයි අද අපේ රටේ තත්වේ. නිකන් ඉන්දියාවට බැන්නට වැඩක් නෑ .අපි ඉස්සෙල්ලා අපේ වැරදි හදාගන්න ඕනේ.(නදී)
අනිවාර්යෙන්ම ඉන්දියාව වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී ඇති ඉරණම සම්බන්ධයෙන් සෘජු වගකීම භාරගත යුතුයි! ඔවුන් මේ අයිපීඑල් ඇතුළු වෙනත් ජාවාරම් පිරිවරා ගනිමින් කරපු මේ අපරාධ නිසා පොදුවේ මුළු මහත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටම කනකොකා හඩන්න පටන් අරන්! ඔවුන්ට දැන් ඔවුන්ගේ ක්‍රීඩාවට අත්වෙන්න යන ඉරණම නවත්වන්න වෙන්නේ නැහැ... (නි)
එංගලතෙට එංගලන්තේදී දුවන්න ගහලා , ඔස්ට්‍රේලියාවත් පරද කරලා ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කල විලාශය දැක්කාම මටත් සාදාරන සැකයක් ඇති වෙනවා. අපි තීරණයක් ගත යුතුයි අපේ ක්‍රීඩකයන් අයි.පී.එල් නොයවන්න. අපිත් ඉන්දියාව කරා වගේ ගිවිසුම් අත්සන් කරන්නට පෙර ක්‍රීඩකයන්ගේ වත්කම් පෙන්වන කොන්දේසිය රැගෙන එන්න ඕනේ, ක්‍රීඩාව ආරක්ෂා කරගන්න නම් දැඩි තීරණ ගන්න වෙනවා.(නදී)