(රංජිත් රාජපක්ෂ)
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණී ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය හැටන්හි ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සවීමේ දී කි්රඩාංගණය අසල සමනලගම ගම්මානයේ නිවාස තුනක වහලවල් සම්පුර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට දැඩි අලාභ හානි සිදුව ඇත.
අනතුරින් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා තුනක් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ දී අද (12) දහවල් 12.15 ට පමණ ගොඩ බැස්සවූ අතර මිට දින කිහිපයකට ප්‍රථම පෙර පුහුණුවිම් කිරිමේදී ද නිවාස කිහිපයකට අලාභ හානි සිදුවිය.
ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ දික්ඔය මුලික රෝහලේ නව වාට්ටු සංකිර්ණය විවෘත කිරිමට හා නොර්වුඩ් කි‍්‍රඩාංගණයේ දී වතුකරයේ ජනතාව ඇමතීමට මෝදි මහතා එහි ගියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එටිකා අත්සන් කරන්න කලින් ඉන්දියාවේ හමුදාව ලංකාවේ මෙහෙම හැසිරෙනවනම්, එට්කා අත්සන් කළදාට කුමක් වෙනු ඇත්ද?
ගෙවල් 10000 හදන එක කෙසේ වෙතත් තියෙන ගෙවල් ටිකත් කඩලා වගෙයි මගේ හිතේ...
අපොයි ... මගේ ගේ කැඩුවා කිව්වලු....
සිංහල අපිට මෝදිගෙන් මුකූත් නැද්ද?
ඉන්දියාව කියන්නේ ලෝක බලවතුන් රාජ්‍ය වලින් එකක්. ලංකාව කියා රටක් තියෙනවද කියලවත් ලෝකේ ගොඩක් මිනිස්සු දන්නේ නෑ. ඒවගේ රටක නායකයා එනකොට තමන්ගේ රටේ හමුදාවේ ආරක්ෂාව තමා ලබන්නේ. අනික ඉන්දියන් ගුවන් හමුදාවේ තියෙන යාන ඇමරිකාවටත් දෙවැනි නෑ. ඉතින් වගේ ගුවන් යාන පහලින් ගමන් කරනකොට දර මැසි වගේ වහලවල් තිබුනොත් ඒවා කැඩෙන එක මහා දෙයක් නෙමේ.
ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයෙන් මේවා හදල දෙනවා කියල තියෙද්දීත් ඉවසගෙන ඉන්න. ලැබිලා තියන දේ ලේසි පහසු උදව්වක්ද?
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.
ඉස්සෙල්ල කඩලා පස්සේ හැදුවම එකත් අර 10000 ත් ඇතුළත් වෙනවාද?
ඉන්දියාවෙ ඉන් මිනිස්සුන්ගෙන් සියයට 25කටම හරිහැටි නිවාස නැහැ. එහෙම එකේ ලංකාවේ මිනිස්සුන්ට ගෙවල් හදන්න කලින් එයාලගේ මිනිස්සුන්ගෙ ගෙවල් හදලා දුන්නොත් නරකද?...
විදේශ නියමුවෝ හෙලිකොප්ටර පදවන කොට ඔහොම අතපසු වීම් වෙන්න පුළුවන්... ඉන්දියානුවෝ ඇවිත් තිබෙන්නේ ලංකා රජයේ ආරාධනය මත.... ලංකාවේ අාපදා කලමනකරණ අමාත්‍යාංශය වහාම, මෙම අලාභානි ගැන සොයා බලා නිවැසියන්ට නිවාස අලුත්වැඩියා කරදිය යුතුය. අාපදා කළමනාකරණ අැමැතිවරුන්ට නිල වාහන ඇතුළු පහසුකම් දීල තිබෙන්නේ මේවගේ අවස්ථාවලදී පැය කිහිපයක් තුල ක්‍රියාත්මක වෙන්න....
ඉන්දියාවට වැසිකිළි ටික හදල දීල ඉවරකලා නම් වටිනවා. මෙහෙට කලින්...
ඉන්න හිටිඉන්න තැනක් නැති මිනිස්සු කෝටියක් විතර ඉන්දියාවේ ඇති , නරකද ඉස්සෙල්ල ඉන්දියාවේ නිවාස ප්රශ්නය විසඳලා හිටිය නම් , "ලෝකෙට පරකශේ ගෙදරට මරගාතේ" කියන්නේ මේ වැනි වැඩ වලට
අපේ වතුකරයේ දෙමල අය මොඔදී මහත්මයට පෙනුයේ එයාල ඉන්දියානුවන් හැටියට ලාංකිකයන් හැටියට නොවේ. EDCA වල තියන නරක මෙකෙන්වත් වැටහ ගන්න පුල්ලුවම් නේද? ඉන්දියානුවෝ ලංකාවට ඇවිත් ආදරේ කරන්නේ ඉන්දියවටි.
ලංකාවේ ගොඩනැගිලි හැදීමේදී යම්කිසි පදනමක් තිබුනොත් හොඳයි. ලංකාවට භූමිකම්පා නැති හින්ද හොඳයි. හෙලිකොප්ටරයකට මෙහෙම කැඩෙනවානම් භුමික්ම්පවකට කොහොම වෙයිද? ඒ කෙසේවෙතත් ඉන්න තැන පිළිවෙලට ඉඳගෙන, අපද්‍රව්‍ය පිළිවෙලකට බැහැරකරග්ගෙන, පිළිවෙලකට ජිවත් වෙන්න පුළුවන් සමාජ ක්‍රමයක් තිබුනොත් හොඳයි.