ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී දැන් පැවැත්වෙන කැරම් ටෙස්ට් තරගමාලාවේ තරගාවලි 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ලෝක ශූර ඉන්දිය පිල සමත්ව සිටියි. ඒ අනුව තරගාවලි තුනකින් සමන්විත ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගාවලියේ ශූරතාව රැක ගැනීමට ද ඉන්දියාව සමත්ව ඇත. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප‍්‍රකාශ් ගයික්වාල් (25/16, 23/25, 25/16) පරාජය කිරීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. මහරගම කැරම් සංගම් ශාලාවේදී පැවැති දෙවැනි තරගාවලියේ කාන්තා තරගයේදී චලනි ලක්මාලි විසින් ප‍්‍රවීණ ක‍්‍රීඩිකා පාරණී නිර්මලා පරාජය කරන ලදී. එහිදී 16/25, 25/0, 25/20 ලකුණු තත්ත්වය සටහන්විය. ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශි ද තරගාවලියට සහභාගිවී සිටියි. චමිල් කුරේ, පර්දේශී හමුවේ තරග දෙකම පරාජය විය. තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරග අද (20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. චමිල් කුරේ, නිශාන්ත ප‍්‍රනාන්දු, විරාජ් ප‍්‍රනාන්දු, එම්. ෂෙරිෆ්ඞීන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර ජෝෂප් රෝෂිටා, චලනි ලක්මාලි, මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd