ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී දැන් පැවැත්වෙන කැරම් ටෙස්ට් තරගමාලාවේ තරගාවලි 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ලෝක ශූර ඉන්දිය පිල සමත්ව සිටියි. ඒ අනුව තරගාවලි තුනකින් සමන්විත ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගාවලියේ ශූරතාව රැක ගැනීමට ද ඉන්දියාව සමත්ව ඇත. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප‍්‍රකාශ් ගයික්වාල් (25/16, 23/25, 25/16) පරාජය කිරීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. මහරගම කැරම් සංගම් ශාලාවේදී පැවැති දෙවැනි තරගාවලියේ කාන්තා තරගයේදී චලනි ලක්මාලි විසින් ප‍්‍රවීණ ක‍්‍රීඩිකා පාරණී නිර්මලා පරාජය කරන ලදී. එහිදී 16/25, 25/0, 25/20 ලකුණු තත්ත්වය සටහන්විය. ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශි ද තරගාවලියට සහභාගිවී සිටියි. චමිල් කුරේ, පර්දේශී හමුවේ තරග දෙකම පරාජය විය. තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරග අද (20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. චමිල් කුරේ, නිශාන්ත ප‍්‍රනාන්දු, විරාජ් ප‍්‍රනාන්දු, එම්. ෂෙරිෆ්ඞීන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර ජෝෂප් රෝෂිටා, චලනි ලක්මාලි, මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරති.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගාවලියේදී ලෝක ශූර ඉන්දියාව පෙරමුණ ගනියි