ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති කැරම් ටෙස්ට් තරගමාලාව තරගාවලි 3-0 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. ලෝක කැරම් ශූරයන්වන ඉන්දියාවට අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකාව අභියෝගයක් වෙයි. එනමුත් මෙවර තරගමාලාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වු එකම ක‍්‍රීඩකයා වුයේ නිශාන්ත ප‍්‍රනාන්දුය. කොළඹ හිල්ටන් හෝටලයේදී අද (20) පැවැති තෙවැනි සහ අවසන් තරගාවලියේදී නිශාන්ත විසින් ඉන්දිය ක‍්‍රීඩක භාරතී දාසන් (25/5, 25/10) පරාජය කරන ලදී. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප‍්‍රකාශ් ගයික්වාල් (25/16, 23/25, 25/16) පරාජය කිරීමට ද නිශාන්ත සමත්විය. චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා තරගවලදී ඉන්දිය ක‍්‍රීඩිකාවන්ට තියුණු තරගයක් ලබාදුන්හ. සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දස්කම් අතරට ඒමට නොහැකිවිය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගමාලාව ඉන්දියාවට තරගාවලි 3-0 ක ජයක්