ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති කැරම් ටෙස්ට් තරගමාලාව තරගාවලි 3-0 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. ලෝක කැරම් ශූරයන්වන ඉන්දියාවට අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකාව අභියෝගයක් වෙයි. එනමුත් මෙවර තරගමාලාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වු එකම ක‍්‍රීඩකයා වුයේ නිශාන්ත ප‍්‍රනාන්දුය. කොළඹ හිල්ටන් හෝටලයේදී අද (20) පැවැති තෙවැනි සහ අවසන් තරගාවලියේදී නිශාන්ත විසින් ඉන්දිය ක‍්‍රීඩක භාරතී දාසන් (25/5, 25/10) පරාජය කරන ලදී. පානදුර රිවර් විව් හෝටලයේදී පැවැති පළමු තරගාවලියේ පිරිමි තරගයේදී ආසියානු කැරම් ශූර ප‍්‍රකාශ් ගයික්වාල් (25/16, 23/25, 25/16) පරාජය කිරීමට ද නිශාන්ත සමත්විය. චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ කාන්තා තරගවලදී ඉන්දිය ක‍්‍රීඩිකාවන්ට තියුණු තරගයක් ලබාදුන්හ. සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දස්කම් අතරට ඒමට නොහැකිවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd