ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍යවරුන් ඉකුත් 21-22 දෙදින වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, බියගම, මල්වාන, මාපිටිගම හා අවිස්සාවේල්ලේ වෛද්‍ය සායන පැවැත්වූ බව නාවික හමුදාව කියයි.
පසුගියදා ආධාර රැගෙන මෙරටට පැමිණි ඉන්දීය නෞකා දෙකේ සිටි වෛද්‍යවරු හා සහායකයෝ ඊට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සන්තෝෂෙන් ඉන්නේ, දුක ශෝකය නැහැ දන්නේ, අයියා මල්ලි වාගේ... (නි)
ලෙඩ ඇහුවේ සිංහලෙන්ද දන්නේ නැහැ. තුවාලෙකට බෙහෙත් දැම්මට ලෙඩ අහලා බෙහෙත් දෙන්නේ කොහොමද? අහිංසක මිනිස්සු ඉංග්‍රීසියෙන් ලෙඩ කියන්න දන්නවද? (නි)
ඉන්දියන් ඇඟිලි ගැසීම් වැඩියි වගේ. (අ)
හොඳ වැඩක් (බ)
ඉන්දියාවට බොහොම ස්තුතියි....! .ආපු රාජකාරිය ඉවරවෙලා ඉක්මනින්ම ඉන්දියාවේ රෝගීන්ගේ සුව දුක් බැලීමට තම රටට යන්න ආසිරි පතනවා. (ර)
කුණු ගැවෙනවට බයේ මෙවැනි උතුම් වැඩ මග හරින දොස්තර මුදලාලිලාගේ සංගමයෙන් හැම දෙකටම විරුද්දවෙන්න විතරයි දන්නේ (ර)
ආධාර වලට ස්තුතියි. (ර)
ඉන්දියන් දොස්තරලට යන්න කියන්න එහෙනම් තිලක් ඔයා ගිහින් බේත් කරන්න. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ එපා නුවන්. (ර)
කෝ අපේ දොස්තරලා? හැංගිලාද මේ දවස් වල, ලස්සන ඇඳුම් වල මඩ ගෑවෙයි කියලා (නි)
දුකේදී අත්නොහැරි මිතුරුතොමෝ, තුති ඔබට! (නි)
පකිස්තානයෙනුත් ආධාර ලැබිල..(බ)
බමුණු කුලේ දොස්තරල මේකට විරුද්ධව පිකටින් කරයි. (බ)
කෝ අර සේනාවල් දැන්? පෙනෙන්නවත් නැහැ. කොහේ හැංගිලාද? (නි)