ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් හා තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී අද (2) පැවැත්වීමට නියමිතය.

උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම සාකච්ඡාවලට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියෙක් ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වෙති.  ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලට පළමුවරට එරට ඉහළ පෙළේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.