IMG-LOGO

ඉදිරියේදී මාව වෙනස් චරිතයකින් දැකගන්න පුළුවන්

2016-11-17-ent-47

නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි මේනකා මධුවන්ති වර්තමානයේ රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින්නීය. ඇය පසුගිය කාලයේ රංගන ශිල්පිනියක ලෙස දකින්නට නොලැබුණත්, ඉදිරියේදී සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකින් වෙනස් ආරේ චරිතවලින් හමුවීමට සූදානමින් සිටින්නීය. මෙවර "තරුණයා" තරු කතාබහ තුළින් මේනකාට ඉඩක් වෙන් කරන්නට අපි සිතුවේ ඒ පිළිබඳව දැනගැනීමටය.

 

මොනවද අලුත් වැඩකටයුතු?

2016-11-17-ent-41මේ දවස්වල ටිකක් විතර කාර්ය බහුලයි. මොකද අලුත් වැඩ කිහිපයක රූපගත කිරීම් කටයුතුවලට දායකවෙලා ඉන්න නිසා. ඒ අතරේ මගේ ව්‍යාපාරික කටයුතු සුපුරුදු පරිදි සිදු කරගෙන යනවා.

 

පසුගිය කාලයේ ඔබ විදෙස් පැජන්ට් තරගාවලියකට සහභාගි වෙන්න හිටියා කියලා ආරංචියක් ආවා?

ඔව්, ඇමෙරිකාවෙ පවත්වන්නට තිබුණ "මිස් ලැටීනා ඉන්ටර්නැෂනල්" පැජන්ට් එකට තමයි මම සහභාගි වෙන්න හිටියේ. නමුත්, ඒ පැජන්ට් එක තියෙන කාලයේ තිබුණ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඒ පැජන්ට් එක තාවකාලිව අවලංගු කළා. නමුත්, මේ පැජන්ට් එක ආයෙත් ලබන වසරේ පෙබරවාරි තියනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර ඒ කාලෙදි මම කියන්නම්.

 

ඔබ පසුගිය කාලෙදි අපි ඔබව කලා කටයුතුවල දැක්කේ නැහැ. ඒ ඇයි?

නිර්මාණ සඳහා ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත්, මම භාර ගත්තේ නැහැ. මොකද, මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. ඒ නිසා ලොකු උවමානවක් තිබුණෙ නැහැ හැමවැඩක්ම භාරගෙන කටයුතු කරන්න. ඊට වඩා මම කැමතියි මිනිස්සුට මතක හිටින චරිතයකින් හමුවෙන්න. ඒ නිසා එවැනි චරිතයක් ලැබෙනකම් මම කලාවෙන් ඈත්වෙලා හිටියා.

 

දැනට ඒ වගේ මතක හිටින චරිතයක් ලැබිලා තියෙනවාද?

එකක් නෙමෙයි, කිහිපයක් ලැබිලා තියෙනවා. පසුගිය කාලයේ මම අර්ජුන් කමලනාත් අයියාගේ චිත්‍රපටයක රඟපෑවා. එහි ප්‍රධාන චරිතය කරන්නේ මම. බොහෝ විට ඒ චිත්‍රපටය ලබන වසරේ මුලදි තිරගත වේවි කියලා හිතනවා. ඒ චිත්‍රපටය වැඩ නිමවෙනවත් එක්ක තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ දිනවල එහි රූපගත කිරීම් කටයුතු සඳහා දායක වෙනවා. මේක මගේ රංගන දිවියේ මට ලැබුණ සුවිශේෂම චරිතයක්. චිත්‍රපටය තිරගත වන කාලයට ඒ ගැන වැඩි විස්තර කියන්නම්. මේ චිත්‍රපටයට අමතරව තවත් අලුත් ටෙලියක වැඩ කරනවා. එහි මම රඟපාන චරිතයත් වෙනස්ම ආරේ එකක්.

 

තාමත් "චායා" ටෙලි නාට්‍යයේ "හර්ෂණි" කියන චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි නේද?

ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ සඳුන් රාජකරුණා මහත්මයාගේ "චායා" ටෙලි නාට්‍යයේ %හර්ෂණි^ කියන චරිතයට අදටත් රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට අවුරුදු දෙකක් විතර වෙනවා මේ ටෙලි නාට්‍යය විකාශය වෙලා. නමුත්, ප්‍රේක්ෂකයන්ට එහි තිබුණ මගේ රංගනය තවමත් අමතක නැහැ කියලා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා.

 

ඒ වගේ ඔබ මිනිස්සු අතරට ගිය වෙනත් චරිත තියෙනවාද?

ඔව්. "චායා" ටෙලි නාට්‍යයේ "හර්ෂණි" කියන චරිතයට සමානව ස්වර්ණවාහිනියේ %සිටුමැදුර^ ටෙලි නාට්‍යයේ "කිෂානි" කියන චරිතයත් බොහෝ දෙනෙක් කතා කළ චරිතයක්.

 

මේනකා දැන් කලා ක්ෂේත්‍රයට පිවිසිලා කොපමණ කල්ද?

දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 7ක් විතර වෙනවා.

 

මේ ගෙවුණු කාලය පිළිබඳව ඔබ කලා ශිල්පිනියක් විදිහට තෘප්තිමත්?

ඔව්, ලොකු කාලයක් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කළා. නමුත්, මම දායක වුණ නිර්මාණ ගත්තොත් තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. මම මේ ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිනියක් විදිහට. ඒත්, දැන් මම රංගන ශිල්පිනියක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ ගෙවුණු කාලය තුළ කලා ශිල්පිනියක් විදිහට මම ගොඩක් සතුටු වෙනවා.

 

පසුගිය කාලයේ දකින්න නොලැබුණ එක පාඩුවක් කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මම කලින් කිව්වා වගේ මට අවශ්‍ය කරන්නේ හොඳ නිර්මාණයක් තුළින් මගේ රසික, රසිකාවියන් මුණගැසෙන්න. ඉතින් ඒකට කාලයක් බලාගෙන හිටියට කමක් නැහැ කියලා හිතනවා. අනික ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන චරිතයක් කරන්න ලැබෙනවා නම්, ඒක තමයි ගොඩක්ම වටිනම දේ. මාව කලා කටයුතුවලින් නිතර දැක්කෙ නැහැ කියලා ප්‍රේක්ෂකයන්ට මාව අමතක නැහැ. අද වුණත් පාර තොටෙදි මාව දැක්කොත් ඒ අය ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා.

 

2016-11-17-ent-46
2016-11-17-ent-45
2016-11-17-ent-44
2016-11-17-ent-43
2016-11-17-ent-42



අදහස් (0)

ඉදිරියේදී මාව වෙනස් චරිතයකින් දැකගන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site