(හර්ෂණ තුෂාර සිල්වා.ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
ඉදිරියටත් ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අකැමැත්තක් නැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස තමන් විශාල වැඩ කොටසක් කළ බවත් කිසිදු අමාත්‍යාංශයක් නොකළ පරිදි ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් ඒ මහතා කියයි.
තංගල්ල ආසනයට ධීවර අමාත්‍යධූර තුනක් තිබීම ගැටලුවක් වී ඇත්නම් ධීවර කැබිනට් අමාත්‍යධුරයේ වෙනසක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දිනෙක හම්බන්තොට පැවැති උත්සවයකට සහභාගී වෙමින් පැවැසීය.
මීළඟ ඇමැති මණ්ඩල සංශෝධනයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අලුතින් ආයතන කිහිපයක් එක්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකමැති වෙන්නේ මොකටද , ධීවර සමිති සභාපතිලට, ලේකම්ලට මුහුණ කට කුඩුවෙන්න පහරදීලා, ධීවර සංස්ථාවල බලය අල්ලගත්තම , කැමති විදියට කරගෙන යන්න පුළුවන්නේ
ඔබතුමා මෙම තනතුරේ තවදුරටත් ඉන්න කැමතිනම් අපිත් කැමතියි නමුත් ලංකාවේ අල්ලන මසුන් පිටරට නොයවා ලංකාවේ ඔබේ සහෝදර ජනතාවට පිරිසිදුවෙන්, වස විස නැතිව කන්න දෙන්න එවිට බොහෝ ලෙඩ රෝග අඩුවෙයි නමුත් පිටරටින් (ඉන්දුනීසියාව/මලයාසියාව) රටවලින් විස මුසු කරපු මාලු ගෙන්වීම නවත්වන්න දේවියන්ගේ නාමෙන් ඇත්තටම ඔබතුමා අවංකව ඔය තනතුරේ වැඩ කරනවානම්. තව බොහෝ දේවල් තිබෙනවා කරන්න අපේ ධීවර කර්මාන්තයේ ඔබතුමා කැමතිනම් පරිසරයට හානියක් නොවන උසස් තාක්ෂණය යොදාගෙන කරන්නේ කොහොමද කියා මට පුළුවන් ඔබතුමාට යෝජනාවක් හැටියට එවන්න. ස්තුතියි