(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සංශෝධන හා ප්‍රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට විසඳුම් සොයමින් කඩිනමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පවසන වික්‍රමසිංහ මහතා දැනටමත් ඒ සඳහා සාකච්ඡා පවත්වන බවත් යෝජනා ලැබී ඇති බවත් කීවේය.
මෙරට සියලු පාසල් ජාත්‍යන්තරයට යනු දැකීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් ගුරුවරුන් තෝරාගැනීමේ සිට සියලුම කටයුතු සඳහා නිසි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවද අග්‍රමාත්‍යවරයා පැවසීය. අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට හේතුව මුදල් නොමැතිකම නොව සුදුසුකම්, අත්දැකීම්, දැනුම, පළපුරුද්ද හා දක්ෂතාව ඇති පිරිස් තනතුරුවලට පත්නොවීම යැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) එම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයා පුද්ගලිකකරණයට තමයි කැමති සහ දන්නෙත් එක විතරනේ.