
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීමට හෝ පොහොර මිල අඩු කිරීමට කටයුතුකරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
ඇණවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබීම හේතුවෙන් පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
හිඟයකින් තොරව සහන මිලට ජනතාවට පොහොර ලබාදීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගාල්ල නෙලුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සර්ගේ ඉදිරි අවුරුදු 3 මේ විදිහටද ගෙවන්න යන්නේ? දැන්නම් බයියන්ට සැප ඇති...
ලෝකයේ මොන ගොනෙක්වත් කරන්නේ නැති විදිහට එක රැයකින් කාබනික ගොවිතැනට මාරු වෙලා කරපු විනාශයක්...!!!
වකුගඩු රෝගවලට රජයට බෙහෙත් ගෙවන්න එපා.
මේක මාර කතාවක් නේ. දැන් කරන්න ඕනේ උපරීම හානිය කරලා, ගොවියා නැති භංග කරලා, මිනිස්සුන්ට කන්න නැතිකරලා ආයෙත් සහනාධාර දෙනවාලු. පොහොර දෙනවාලු. තමන්ගේ වැරැදි තීරණ නිසා රටට වුණු හානිය පිළිගත්තා නම් මේ අසමත් ආණ්ඩුවට තව දුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඉල්ලා අස් වී ඕන තූත්තු කුඩියකට යන්න.
මොනවා කීවත් සර් ෆේල් හලෝ...!
රසායනික පොහොර වලට කිසිසේත්ම සහනාධාර දෙන්න එපා. කාබනික ගොවිතැන් සාර්ථකවෙන ඕනෑතරම් උදාහරණ තියෙනවා.
විකාර දොඩවන්නේ නැතිව කළින් තිබුණු ක්‍රමයට පොහොර වහාම ලබාදෙන්න. නැතිනම් සහල්, එළවලු, පලතුරු ගෙන්වන්න විශාල මුදලක් පිටරටට ඇදිලා යාවි...!
පර්යේෂණ වාර්තාවලින් තවම වකුගඩු රෝගයේ මූලාශ්‍රය හොයාගෙන නැහැ. නමුත් රසායනික පොහොර නෙවෙයි කියලා නම් පැහැදිලියි. ඒක නිසා තමයි ඒක තවමත් "මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා " නම් කරලා තියෙන්නේ.. මේ ගැන ලියපු පර්යේෂණ වාර්තා, පත්‍රිකා එමටයි.. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒවත් එක්කම) ඕන කෙනෙකුට ඉංග්‍රීසි තේරෙනවා නම් අන්තර්ජාලයට ගිහින් බලන්න පුළුවන් මෙතන බොරුවට මෙලෝ දෙයක් නොදැන කොටන්නේ නැතුව...
ඕක කලින්ම කළානම් පොහොට්ටු රජය මෙතරම් එපා වෙන්නේ නැහැ. අහලා නැද්ද ඩොක්ටර් කළ දුටු කල වල ඉහගන්න කියලා...
ජනතාවට බොරු බයිලා කියලා බලය අතට ගත්තා