අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශ වල ගිගූරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිරි යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.
දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 10-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු වලිං බේරෙන්නත් ඕනේ. (නදී)
අපි හොඳ අවධානයෙන් සිටිය යුතුයි (නි)
කාලගුණය හැම දේටම හරස් වෙලා.(හේ)