අඟුලාන වෙරළ ආසන්නයේ ළිඳක සිටි ගල් ඉබ්බන් 24 දෙනකු හා කිරි ඉබ්බෙක් ගොඩගෙන වනජීවී නිලධාරීන්ට භාරදුන් බව අඟුලාන පොලිසිය කියයි.
ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමූ ළිඳේ ජීවත්වන ඉබ්බන් ඇතැම් පුද්ගලයන් විසින් වරින් වර මරා මස්කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය එසේ කළේය.
පොලිසිය පවසන්නේ වඩදිය බාදිය අවස්ථාවල දී ලුනාව කලපුවේ සිට මුහුදට පැමිණෙන කුඩා ඉබ්බන් අල්ලා ගම්වැසියන් විසින් ළිඳට දැමීමේ පුරුද්දක් තිබී ඇති බවයි.
පොල්කෝම්බවලින් හා ඉබ්බන්ට ගැසූ ගල්වලින් ළිඳ පිරී තිබිණි. මියගිය ඉබ්බන් දෙදෙනකුගේ කටු ද ළිඳේ තිබූ බව ගැමියෝ කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd