එච්.එච් ධර්මපාල
දෙහිවල - අජිත් ගුණතිලක මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයක 14වන මහලේ ඇති විදුලි සෝපාන කුටිය තුළ සේවයකරමින් සිටි සේවකයින් දෙදෙනකු අද (29) ඇඳවැටීමෙන් මරණයට පත්වී ඇතිබව දෙහිවල පොලිසියි කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල - අරාවේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ දයාරත්න නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු සහ බිබිල - මැදගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ කුමාර නැමැති 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ 14වන මහලේ විදුලි සෝපානය සවි කරමින් සිටියදී සේවකයින් දෙදෙනා අනතුරට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සේවකයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උස අවදානම් තැන්වල වැඩ කරනකොට ආරක්ෂක බඳපටියක් පැලඳගෙන ඒක ලණුවකින් කණුවකට බැඳලා තිබුණා නම් ඔය මරණ සිදුවන්නේ නැහැ.
මේ සෝපාන කුටීර ඉතාම භයානක තැනක්. ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ නොසැලකිල්ල මීට හේතුවයි. හැම තට්ටුවක් පාසාම ශක්තිමත් ලෑලි තට්ටුවක් ගසා වැඩකරුවන්ගේ ආරක්ෂාව තහුරු කිරීම අත්‍යාවශ්‍යයි. අදාල අංශ මේවා ගැන නිරන්තරයෙන් සොයා බැලීමත් ඒවගේම වැදගත්.
ආරක්ෂක පිළිවෙලට අවශ්‍ය උපකරණ සැපයීම කර්මාන්ත කරුගේ වගකීමක්. මිනිස් ජීවිත ගැන මීට වඩා සැලකිලිමති විය යුතුයි. නීති ගෙන ආ යුතුයි. වහාම යැපෙන්නන් වෙනුවෙන් ජීවිත කාලයටම වන්දි ලබා දෙන්න.