
විනය ගරුක සහ ශක්තිමත් නායකත්වයක් තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, ඉතියෝපියා අග්රාමාත්ය අබි අහමඩ්ගේ අදහසකට අනුව, එරට කැබිනට් අමාත්යවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ රජයේ නිලධාරීන් සඳහා විශේෂ හමුදා පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඉතියෝපියාව යනු නැගෙනහිර අප්රිකාවේ පිහිටි රාජ්යයකි. අප්රිකානු මහද්වීපයේ දෙවැනි කරටම වැඩිම ජනගහනයක් සහිත රට වන මෙහි ජනගහනය මිලියන 120 කට වඩා යැඩි යැයි පැවැසෙයි.
අප්රිකානු සංගමයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරයි. අග්රාමාත්ය අබි අහමඩ්ගේ අදහසකට අනුව, මෙම හමුදා පුහුණුව ලබා දීම සිදුවන්නේ, එරට හුර්සෝ හමුදා පුහුණු කඳවුරේදීය. හමුදා පුහුණුවට අග්රාමාත්ය අබි අහමඩ් ද සහභාගී වෙයි.
සිවිල් පාලනයක් පවතින ඉතියෝපියාවේ ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් මෙලෙස හමුදා පුහුණුව ලබා ගැනීම අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස මාධ්ය වාර්තා පෙන්වා දෙයි. මෙම පුහුණු වැඩසටහන සඳහා කතානායක මුෆෙරියට් කමිල්, මුදල් අමාත්ය ෆිට්සුම් අසේෆා සහ සෞඛ්ය අමාත්ය මෙක්ඩෙස් දාබා එක්ව සිටිති.
ඉතියෝපියාව සමෘද්ධිය කරා ගෙන යෑම සඳහා රාජ්ය නායකත්වය කායිකව ශක්තිමත්, මනා ගුණධර්මවලින් යුතු මෙන්ම බුද්ධිමත් පිරිසක් විය යුතු බව අග්රාමාත්ය අබි අහමඩ් අවධාරණය කර ඇත.
හමුදා පුහුණුව හරහා විනය, දේශප්රේමය, කණ්ඩායම් හැඟීම, වගවීම සහ නායකත්වය පිළිබඳ වැදගත් පාඩම් රැසක් ඉගෙන ගත හැකි බව අග්රාමාත්යවරයා පෙන්වා දී ඇත.
මෙම හමුදා පුහුණු වැඩසටහන ක්රියාත්මක වන්නේ ඉතියෝපියාව අභ්යන්තර සහ බාහිර වශයෙන් ආරක්ෂක අභියෝග රැසකට මුහුණ දී සිටින වටපිටාවක යැයි මාධ්ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd